Showing posts with label IT. Show all posts

360 Degree Videos

3/14/2015
Posted by Shiranga Ashan
360 Degree Videos



Video තාක්ෂණයේ අලුත්ම පෙරලියක් කරමින් Video එකකින් අංශක 360 ම නැරබිය හැකි පහසුකම දැන් Youtube  සමාගම මගින් එළිදක්වල තියෙනවා... සාමාන්‍ය web browser එකක් හරහා මේ videos බලන්න පුළුවන් වගේම Android Youtube app එක සහ Google cardboard උපාංගයක් බාවිතා කරලා හිසේ චලනයන්ට අනුරූපව මේ  videos බලන්න පුළුවන්.. මේ තියෙන්නේ ඒ වගේ video එකක්..




ඔන්න එහෙනම් ආවා දවස් කීපයකට පස්සේ බ්ලොග් එකේ මොනවහරි ලියල යන්න කියල .

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ facebook එකෙන් අපිව unfriend කරපු අයව බලාගන්නේ කොහොමද කියලා . අපේ එවුනුත් ඉතින් කැමතිනේ ඔය එක එක ඒවා ටෙස්ට් කරලා බලන්න නේද. එහෙනම් වැඩේට බහිමු.
බහිමු කීවට පොඩි වැඩයි කරන්න තියෙන්නේ .

හැබැයි මේ වැඩේ කරන්න google chrome browser එක තියෙන්න ඕන.

එහෙනම් මෙන්න මෙතනින් ගිහින් මේ extension එක browser එකට දාගන්නකෝ .

මෙන්න ලින්ක් එක

ඊට පස්සේ browser එක පොඩ්ඩක් රෙෆ්රේෂ් එහෙම කරලා facebook ගිහින් friends කියන ටැබ්  එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලාගන්න පුළුවන් unfriend කරපු අයව ගින්දර වගේ .



පොස්ට්  එක හොදයි වගේනම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා .


හොදයි ඔන්න එහෙනම් අයෙමත් අවා ලබුකැටෙන් අපි .
අද මම ඔයාලට wordpress ගැන පොඩි හැදින්වීමක් කරන්නයි හදන්නේ . මොකද wordpress , joomla කිවම බොරුවට බයේ දගලනවා . නමුත් අපි හැමෝම දන්නවනේ wordpress වගේ දේවල් හදල තියෙන්නේ අපේම ලේසියට .
ඇත්තම කිවොත් මමත් ගොඩක් බයෙන් තමයි හිටියේ worpress ගැන මුලින්ම. ඒත් කරන්න පටන්ගත්තට පස්සේ හිතුන මහලොකු දෙයක් නෙමෙයි කියලා .
මමත් මහලොකුවට දන්නේ නෑ . එත් මම දන්නා ටික wordpress site එකක් හෝ blog එකක් හදාගන්න ප්‍රමාණවත් වේවි කියල මම හිතනවා . ( දන්නා ටික හරි කාටහරි කියල දෙනවනම් පිනක්නේ )

ගණන් වල theory එක දන්නවනම් ඕන ගානක් හදාගන්න පුළුවන් වගේ වැඩක් තම මේක . පොඩි වැඩ කොටසයි තියෙන්නේ. ඒක තමයි නැවත නැවත යෙදෙන්නේ.

හරි අද මම ඔයාලට මේකේ වැඩ ටික උඩින් පල්ලෙන් කියාගෙන යන්නම් . පස්සේ screenshots එක්ක හොද පොස්ට් එකක්දැන්නම් . මුලින්ම අද ලිපිය කියවලා මේක ගැන idea එකක් අරන් ඉන්නකෝ .



මුලින්ම කියන්න ඕන මම මේක ලියන්නේ wordpress පරතරෙටම ගිය යට නෙමේ කියලා. තන්ගේම කියල blog එකක් හරි site එකක් හරි පටන්ගන්න ඉන්න wordpress ගැන මහා ලොකු දැනුමක් නැති අයටයි මම මේ ලිපිය ලියන්නේ, ( පරතරෙටම ගිය අයත් බැලුවට කමක් නෑ )

හරි එහෙනම් අපි කොටසෙන් කොටස බලමු ,

theme එක 

හරි මුලින්ම බලමු මොකද්ද මේ theme එකක් කියල කියන්නේ කියල. theme එකක් කියන්නේ පිට කට හරි අපේ siteසිතේ එක පෙන structureස්ට්‍රුච්ටුරේ එක. ඒක හරියටම අපේ siteසිතේ එකට ගැලපුනේ නැත්නම් ඉතින් ඔක්කොම කරලා හමාරයි .
මලකට හදපු අච්චුවකින් සමනලයෙක් කපන්න බෑ වගේ තමා .
එහෙම කරගන්න ඕන නෑ . worpress වල ප්‍රවීණයෝ අපිට ඕන තරම් themes free download කරගන්න අවස්ථාව දීල තියනවා .
අපිට අවශ්‍ය theme එකක් අපිට තේරෙන විදිහකට google එකේ search කලාම ඕන තරම් themes එනවා free download කරගන්න .
හැබැයි ඔය අතර තියනවා premium themes කියල ජාතියකුත් . ඒවා අපිට free download කරන්න දෙන්නේ නෑ . මොකද ඒවගේ ඇතුලත් වෙලා එන features ප්‍රමාණය වැඩියි අනිත් ඒවාට වඩා .
ඔයාල මොකක්හරි සිතේ එකක් host කරන්නම හිතාගෙන හදනවනම් ඉතින් සල්ලි දීල ගන්න theme එකක් ගන්න එක හොදයි කියල තමයි මටනම් හිතෙන්නේ . මොකද නොමිලේ දෙන themes වල තියන bugs අපිට හරියටම පෙන්නේ නැති වෙන්න පුළුවන් නිසා.

තව දෙයක් . ඔය හදන site එකට ගැලපෙන theme එකක් නොමිලේ ගන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට බය නැතුව ඊට අසන්න වශයෙන් සමාන theme එකක් හරි ගන්න . මොකද ඔය theme install කරගත්තට පස්සේ අපිට ඕන ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්.
වෙනස් කරන්න තියන ප්‍රමනා අඩු වෙනවා ඔයා හරිම theme එක තෝරාගත්තොත් .
( මම උඩින් සදහන් කරපු සමහර සල්ලි දීල ගන්න තියන theme torrent වලින් එහෙම නොමිලේ බාගන්න chances තියනවා සමහර වෙලාවට . හොර වැඩ කරනවද නෙද්ද කියන එක තමන්ගේ තීරණයක් . ඒවගේ ප්‍රමිතිය ගැනනම් ඉතින් මමනම් වගකීමක් ගන්නේ නෑ )
ඒ වගෙඅ කියන්න ඕන අපිට අපේ site එකේ theme එක ඕනෑම වෙලාවක වෙනස් කරගන්න පුළුවන් කියලත්.

plugins

ඇත්තටම මොනවද මේ wordpress වල plugins කියල කියන්නේ? ඇත්තම කිවොත් මේක තමයි wordpress වලදී අපි හොදටම දැනගන්න ඕන දේ. මොකද අපිට පුළුවන් මේ plugins පාවිච්චි කරලා අපේ theme එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න .
මෙතනදීත් කියන්න ඕන අපිට worpress plugins නොමිලේ ලබාදෙනවා වගේම සල්ලි දීල ගන්න තියන plugins එහෙමත් තියනවා. අපි ඉතින් අපේ site ගොඩක් ලස්සන කරන්නවනම් හරි ගොඩක් features
 දානවනම් හරි අපිට ඉතින් ඒ වගේ සල්ලි දීල බාගන්න තියන plugin එකකට යන්නත් වේවි .
හැබැයි මම කලිනුත් කිව වගේම ඔය බ්ලොග්ස් වල සහ torrets වල ඕන තරම් plugins තියනවා සල්ලි දීල ගන්න තියන ඒවත් නොමිලේම බාගන්න. (පරිස්සමින් හොදේ )

හරිම සරල ආකාරයෙන් plugin එකක් install කරගන්න පුළුවන් වගේම plugin එක download කරන පගේ එකේ එයාල ඒක හසුරවන විදිහ දානවා . ඒ නිසා කිසිම අපහසුවකින් තොරව අපිට පුළුවන් plugins use කරන්න හිතේ හැටියට .

අපිට plugins install කරලා ඒක අපේ site එකට ගැලපෙන්නේ නෑ වගේනම් අයෙමත් ඒක site එකට කිසිම අවුලක් නොවී uninstall කරන්න පුළුවන්. ඒ නිසා plugins test කරන්න බයවෙන්න එපා,

දැනට ඔයාල මේ දෙක ගැන පොඩ්ඩක් search කරලා හොද idea එකක් ගන්න . google එකේ search කරලා theme එකක් ඉන්ස්ටල්ල් කරගන්න බලන්න .
මම තව ටික දවසකින් wordpress ගැන ලොකු පොස්ට් එකක් අරන් එන්නම්. ඔය අත්හදා බලල තිබුනොත් අපිට පුළුවන් වැරදි හදගෙනම ඊලග පොස්ට් එකකත් එක්කම ඉස්සරහට යන්න.

post එක හොදනම් comment එකක් දල යන්නත් අමතක කරන්න එපා..

ඔන්න අයෙමත් ගොඩ දවසකින් අපි ආවා ලබුකැටෙන් ඔයාල හොයාගෙන අලුත් දේකුත් අරගෙන . campus එකේ වැඩත් එක්ක අලුත් දේවල් අරගෙන එන්න බැරි උනා ටික කාලයක් .

මේකනම් අලුත් කීවට අලුත් දෙයකුත් නෙමෙයි. එත් තවමත් දන්නේ නැති ය ගොඩක් ඉන්නවා කියල හිතුන නිසයි මේ විදිහට පොස්ට් එකකින් දැනුවත් කරන්න හිතුනේ .
ගොඩ දවසක ඉදන් ලංකාවේ අපි බලාන හිටපු Google translater සේවාව දැන් අපිට ලැබිල තියනවා . දැනටමත් මේක ලංකාවේ බොහෝ දෙනෙක් පවිච්චිත් කරනවා .

පොඩි පොඩි වැරදි තිබ්බට මේක english sentense සිංහලට පරිවර්තනය කරන්න හදපු සාර්ථක product එකක් විදිහටයි අපිනම් දකින්නේ.
madura වගේ dictionary අපි පාවිච්චි කලාට මෙච්චර කාලෙකට දිග වාක්‍යයක් එක පරම සිංහලට හරවගන්න අපිට හැකියාවක් තිබුනේ නැනේ. දැන් ඔන්න ඒකත් පුළුවනි .

https://translate.google.com/#en/si/come%20and%20talk%20with%20us. මෙන්න මේකට ගිහින්ම බලන්නකෝ..



Android use කරන අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන දෙයක් ඔන්න අද අරගෙන අවා... මුලින්ම කියන්නම් මේකෙන් කරන්න පුළුවන් දේවල් ටික..

01. Android device එක  touch pad එකක් හෝ keyboard එකක් විදිහට PC එක Control කරන්න පාවිච්චි කරන්න පුළුවන් පුළුවන්..

02. Driving සහ Shooting games g-sensor එක මගින් control කරන්න පුළුවන්..

03. Android device එකේ Screen එක PC එකට share කරන්න පුළුවන්...

මේ වගේ තව ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන්..

දැන් කියන්නම් කොහොමද මේක කරන්නේ කියල.. එකට PC එකට සහ android device එකට software දෙකක් download කරගන්න ඕනි...

මුලින්ම PC එකට මෙතනින් Download කරගන්න...

(once click on skip ad )
android app එක මෙතනින් Download කරගන්න...

(එහෙම නැත්තම් play එකට ගිහින් Monect කියල search කරන්න )

දැන් PC එකට Download කරපු zip file එක extract කරලා එකේ ඇතුලේ තියෙන MonectHost.exe එක run කරන්න..
එතකොට මෙහෙම එකක් ආවොත් මේ විදිහට කරන්න....

දැන් PC එකට install වුන Monect desktop server එක open කරගන්න.. ඒ වගේම ඔයාගේ ප්ක එක සහ android device එක එකම WiFi network එකකට connect වෙලා හරි Bluetooth වලින් connect  වෙලා හරි තියෙන්නත් ඕනි...


දැන් android device එකේ Monect portable app එක open කරගන්න... දැන් ඒකෙ scan host button එක click කරලා ඔයාගේ ප්ක එක search කරගන්න.. එකපාරක් ඔයාගේ PC එක search කරලා sever එකට connect උනාට පස්සේ මේ විදිහට ඔයාට තෝරාගන්න moods 12ක් හම්බවෙයි..

මෙතනින් කැමති එකක් තෝරාගෙන වැඩේ කරගන්න ඔයාලට පුළුවන්.. මේවා එක එක විස්තර කරන්න අවශ්‍ය නෑ කියල මම හිතනවා.. ප්‍රශ්නයක් තිබුනොත් comment එකක් දාන්න..
Thank you..

ADD COLORS TO YOUR FOLDERS

3/01/2014
Posted by Shiranga Ashan
Tag :


අද මම කියන්න යන්නේ උඩ තියෙන photo එකේ විදිහට folders වලට colors දාගන්න පුළුවන් පහසු ක්‍රමයක් ගැන.. මේකට පොඩි software එකක් ඕනි වෙනවා. මුලින්ම එක මෙතනින් download කරගන්න....


දැන් ඉතින් පුරුදු විදිහට software එක install කරගන්න... ඊට පස්සේ පහල තියෙන විදිහට ඕනිම folder එකක් right click කරලා කැමති color එකක් add කරගන්න පුළුවන්..


ඔන්න එහෙනම් වැඩේ හරි..වැඩේ හොද නම් comment එකක් දන්න අමතක කරන්න එපා... එහෙනම් ගිහින් එන්නම්... Thank you..

earn internet money from mini jobs.

2/08/2014
Posted by nuwan darshika
Tag : ,
ඔන්න අද ඔයාලට කියන්න හිතුව මෙච්චර කල් අපි ලබුකටෙන් කිවේ නැති මාතෘකාවක් ගැන . බලන්නකෝ එහෙනම් ඔයාලම. අද මම ඔයාලට කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් ගැන . ඉදිරියෙදිත් අපි ඔබට මෙවන් ක්‍රම ගැන විස්තර ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා .

එහෙනම් අපි වැඩේ පටන්ගමු . අද මම කියන්න යන්නේ මෙන්න මේ site එකෙන් සල්ලි හොයාගන්න හැටි .

මෙතනින් යන්න

දැන් ඔයාල උඩ තියන link එකට ගිහිල්ල මෙන්න මේ පල්ලහ තියනවා වගේ තියන තැන තියන GET STATED කියන එක ඔබන්න .



දැන් ඉතින් ඔතන username ,password ගහන්න . පුරුදු විදිහටම sign up උනාට පස්සේ email එකක් ඒවි. ඒ email එකේ තියන link එකෙන්  ඔයාගේ account එකට යන්න .

දැන් ඉතින් වැඩේ හරි . දැන් ඉතින් හම්බ කරන්න තමයි තියෙන්නේ .

දැන් ඔයාගේ account එකේ උඩම තියන මය account කියන එක click කරන්නකෝ . click කරට පස්සේ මෙහෙම wall එකක් ඒවි .



දැන් ඔන්න ඔකේ යටම තියන view all available jobs for your country කියන එක click කරන්න . දැන් ඔබට ලැබෙන ඕනෑම job එකක් ඔබට කරන්න පුළුවනි . 

job එකක් උඩ click කලාම ඔබටම තේරෙයි කරන්න ඕනි දේවල් . job පොස්ට් කරලා තියන අය ඒක පැහැදිලි කරලා තියනවා .

තාමත් register උනේ නැති අය පල්ලහා link එකෙන් ගිහින් බලන්න වැඩේ කොහොමද කියලා .

මෙතනින් යන්න

මොකක්හරි ප්‍රශ්නයක් තියනවනම් comment එකක් දාල අහන්න .

ජය වේවා !!!




CONTROL YOUR PC USING YOUR FACE

2/05/2014
Posted by Shiranga Ashan
Tag : ,



හැමදාම එකම විදිහට Computer එක Control කරන් නැතිව ටිකක් වෙනස් විදිහට ඒක කරන්න කැමතිද.. අද මම ඔයාලට කියන්නේ mouse එක පාවිච්චි නොකර webcam එක පාවිච්චි කරලා mouse එකෙන් කරන වැඩේ කරගන්න පුළුවන් Software එකක් ගැන.. ඇත්තටම කියනවා නම් මේ Software එක හදල තියෙන්නේ අබාධිත පුද්ගලයින්ගේ පහසුවට... තමන්ගේ අත් දෙක පාවිච්චි කරන්න බැරි අයට මේ Software එක පාවිච්චි කරලා Computer එක Use කරන්න පුළුවන්.... මුලින්ම මෙතනින් Software එක Download කරගන්න...


(12mb)

දැන් එක Install කරලා Run කරගන්න.... එතකොට මෙන්න මෙහෙම  එකක් එයි.. එකේ ඔයාගේ මූණ තියෙන position එක Select කරන්න...


දැන් වැඩේ හරි...ඔයා මුණ හරවන විදිහට mouse point එක වැඩ කරයි... ඔයාලත් Test  කරලා බලන්න....

HOW TO ORGANIZE YOUR DESKTOP ICONS

1/28/2014
Posted by Narada Rathnasooriya
Tag :
අද මම ඔයාලට  කියන්න යන්නේ ඔයාලගේ Desktop එක ඔයාලට වැඩකරනකොට  පහසුවෙන විදිහට හදාගන්න විදිහක්.



මුලින්ම මේ Software එක download කරලා install කරගන්න ඕනේ.


දැන් install කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ Desktop එක mouse pointer එකෙන් ඔයාලට ඕනේ ප්‍රමාණය වෙන්කරගන්න.






FILL YOUR DESKTOP WITH WATER

1/26/2014
Posted by Shiranga Ashan
Tag : ,


ඔන්න අද ඔයාලට සුපිරි Animated Wallpaper එකක් ගේනවා.. මේක වැඩ කරන්නේ ඔයාගේ දැනට තියෙන wallpaper එකට උඩින්.මේක දාගත්තම ඔයාගේ Desktop එක වතුරෙන් පිරිලා වගේ පෙනෙයි.... මුලින්ම file එක මෙතනින් Download කරගන්න..




දැන් download වුන zip file එක extract කරලා install කරලා බලන්නකෝ mouse එක පොඩ්ඩක් එහාට මෙහාට කරලා....
ටිකකින් register වෙන්න කියල message එකක් අවොත් මේ විදිහට කරන්න...


මෙතනින් එකක් දාල බලන්න.....

DFMEJ-ICJOK-FCCKH-PCOAK

NCCNO-FCLAK-CONJI-DDHDJ

HFCCG-KEECE-EGNBJ-POMHA

09MJP-J393J-L3LL2-H510I 

B2L22-Y3JXK - 13CO2 - N5ZPA

P7KJR - H3O8I - M3IN2 - K5E1K


වැඩේ නවත්තන්න ඕනි නම් මෙතනින් exit කරන්න...

Thank you..........
ඔන්න අදනම් ආවෙ ටිකක් වෙනස් විදිහක දෙයක් කියන්න .

අද වෙනකොට ලෝකයේ හැමතැනම වගේ android භාවිතයට හුරු වෙලා තියනවා . ඒ නිසා ලබුකැටේ අපිත් ඔබ වෙනුවෙන්ම ලබුකැටේ android app එකක් හැදුවා .

ඔයාලගෙ android os එකෙනුත් මෙන්න මේ පල්ලහා link එකට ගිහිල්ල install කරගෙනම බලන්නකෝ .

https://play.google.com/store/apps/details?id=com.appgenz.app000587&hl=en

පරිගණක දැනුම සිංහලෙන් දැන් ඔබගේ android ජංගම දුරකථනයෙනුත් .



ජිවිතේ ලියපු දිගම  exam එක ඔන්න යන්තම් ඉවර වුනා... දැන් ඉතින් film එකක් එහෙම බලාගෙන ටිකක් නිදහසේ ඉන්න ඕනි කියල හිතාගෙන film එකක් බලන්න පටන් ගත්ත subtitles ත්  එක්ක... එත් අවාසනාවකට වගේ subtitle එකයි film එකයි match වෙන්නේ නැ.. film එක ගිහින් සැහෙන්න වෙලාවකට පස්සේ තමා subtitle එක යන්නේ... ඔයාලටත් මේ ප්‍රශ්නේ ඇවිත් ඇති අනිවාර්යයෙන්ම .. ඒ වෙලාවට කරන්න පුළුවන් පොඩි වැඩක් ගැන තම මම මේ කියන්න යන්නේ...

සිංහල subtitle එක්ක film බලනවා නම් ඔයාල බොහෝ විට පාවිච්චි කරනවා ඇත්තේ KM player එක.. මොකද  VLC player එක තවම හරියට සිංහල subs වලට වැඩ නොකරන නිසා...
මේ වැඩේ කරන්න වෙන්නෙත් KM player එක හරහාම තමා... KM player එකෙන් film එකයි subtitle එකයි play කරලා subtitle එකයි film එකයි match වෙනකම් keyboard එකේ "[" හෝ "]" keys press කරන්න. හරිම සරලයි..

Thank you...
ඔන්න ඉතින් කාලෙකින් වැඩ ගොඩක් අස්සේ ලබු කැටේ ඔයාලට පොස්ට් එකක් දාල යන්න කියල අවා. මේ දවස්වල exam නිසා පොස්ට් එකක්වත් දැම්මෙ නෑ . තව සතයකින් විතර අලුත් පොස්ට් ගොඩක් ඔයාලට කියා දෙන්න අපි කටයුතු කරමින් පවතිනවා .

එහෙනම් වැඩේ පටන්ගමු . අද මම ඔයාලට කියා දෙන්න යන්නේ facebook එකේ ගොඩක් කල් ඉදන් තිබුන ඒත් ගොඩක් අය නොදන්නා දෙයක් ගැන .

ඔයාල දන්නවද facebook එකේ ඔයාලට ඔයාගෙයි ඔයාගේ යාලුවගෙයි හරි ඔයාගෙයි ඔයාගේ පෙම්වතියගෙයි හරි joint account එකක් තියනවා කියල??
අන්න ඒක ගැන තමයි අද මම කියන්න හදන්නේ .
 දැන් facebook එකේ search bar එකේ ගහන්න ඔයාගෙයි ඔයාගේ යාලුවගෙයි නම් දෙක මේ විදිහට 

"nuwan darshika and shiranga ashan" වගේ ..


දැන් "friendship of nuwan darshika and shiranga ashan" වගේ ඔයාලගේ එන එක උඩ click කරන්න . දැන් ඔයාලට ඔය දෙන්නගේ profile එක බලාගන්න පුළුවනි .


පොස්ට් එක හොදයි වගේ නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා .



How to hide your important file inside a Picture

12/24/2013
Posted by Narada Rathnasooriya
Tag : ,

How to hide your important file inside a Picture



 ඔයාලා දන්නවද image එකක් ඇතුලේ file එකක් hide කරන්න පුළුවන් කියලා.

මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ වැදගත් file කාටවත් හොයාගන්න බැරි විදිහට හංගන්න.
 ( මට හිතෙන්නේ එහෙම , බලන්නකෝ ඔයාලටත් එහෙම හිතෙනවද කියල)

මුලින්ම අපි hide කරන file එක compressed කරගන්න ඕනේ. (Zip)
( compressed කරන එක ගැන  ඔයාලට කියල දෙන්න දෙයක් නැ කියල හිතනවා.) 

දැන් වැඩේට පොඩි gadget එකක් (jpg+FileBinder) ඕනේ. එක මේ link එකෙන් ගන්න පුළුවන්.


ඔයාලා ඔය gadget එක open කරන්නකෝ


ඊට පස්සේ ඔය Picture Button එක click කරන්න.

ඔයාලා දාන්න යන image එක තෝරාගන්න.



දැන් ඔයාලා compressed file  button එක click කරන්න.

ඊට පස්සේ ඔයාලා compressed කරපු file එක තෝරාගන්න.



ඊටපස්සේ Output Picture File Button එක click කරලා ඔයාලාට Output එකට එන්න ඕනේ image එක select කරගන්න.


file name එක ඔයාලා කැමති එකක් දාන්න (ex : - hidden.jpg )


දැන් Ok Button එක press කරන්න 

දැන් ගිහින් ඔයාලා හදපු image එක බලන්න ( ඔයාලගේ file එක කෝ)
එක image එකක් විතරයි

ඔයාලට image එක ඇතුලේ තියෙන file එක බලන්න ඕනේ නම් , open with ගිහින් WinRAR archiver එකෙන් open කරන්න.

එතකොට ඔයාලගේ file එක බලාගන්න පුළුවන්.
අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ password එකක් කොහොමද අපි read  කරගන්නේ කියලා . 

මෙන්න මේ වගේ වැටෙන password එකක් අපි කොහොමද read කරගන්නේ කියල තමයි දැන් අපි බලන්න හදන්නේ .


gmail , twitter හෝ ගොඩක් password ගහන්න තියන තැන වල මේ විදිහට password එක read කරන්න පුළුවනි .

දැන් password එක නිල් පාට වෙන්න select කරලා එක right click කරලා "inspect element" කියන එක තෝරන්න .
දැන් ඔයාලට පල්ලහා රූපෙ තියන විදිහට පෙනෙයි .


දැන් පේනවා නේද මගේ window එකේ යටින්ම line එකක් highlight වෙලා තියනවා . අන්න ඒ වගේ ඔයාලගෙත් highlight වෙලා ඇති . දැන් අන්න එතනට ගිහිල්ලා input type කියන එකේ "password" කියන එක delete කරලා එතන "input" කියල type කරන්න . මෙන්න මේ වගේ.


දැන් browser එකේ කොහෙහරි තෙනක් click කරන්න mouse එකෙන් . 

දැන් බලන්න .... ඔයාගේ password එක අකුරු වලින් පෙන්නනවා ඇති මෙන්න මේ වගේ..



පොස්ට් එක හොදයි වගේ නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා 





ඔන්න එහෙනම් අදත් ආවා මොනවහරි පොඩ්ඩක් මොනව හරි කියල දීලම නිදාගන්න කියල . අද මම කියන්න යන්නේ පොඩ්ඩක් වෙනස් විදිහක වැඩක් ගැන .

ඔයාල දන්නවනේ අද දවස වෙනකොට ලෝකේ හැමතැනම social websites කියන එක ගොඩක් පැතිරිලා තියනවා කියල .. ඒ වෙබ් අඩවි තුලින් වැඩිපුරම ජනප්‍රියතාවයක් උසුලන වෙබ් අඩවි ලෙස facebook සහ twitter හදුන්වා දෙන්න පුළුවන් .
මේ වෙබ් අඩවි දෙක ගැන විතරක් නෙමෙයි සමාජ වෙබ් අඩවි ගැන අපි ඉදිරියේදී ඔබට ලබුකටෙන් ඔබ නොදන්නා බොහෝ දේ කියනවා .
ඉතින් අද මම කියන්න හදන්නෙත් facebook එක සහ twitter එක අතර තියන පුංචි සම්බන්දකමක් ගැන .

ඔයාල දන්නවද කොහොමද අපි tweeter එකේ දාන tweets facebook එකේ status එකක් විදිහට වට්ටගන්නේ කියලා ..
අන්න ඒක කරන්නේ කොහොමද කියල තමයි අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ .
එහෙනම් බලමු අපි වැඩේ කොහොමද කරන්නේ කියල.

මුලින්ම ඔයාලගේ facebook එකට log වෙන්න . ඊළගට twitter එකට log වෙන්න.

ඔන්න ඔතනින් settings කියන එකට යන්නකෝ දැන්.



දැන් ඔන්න ඔතනින් profile කියන එකට යන්නකෝ .

දැන් එන window එකේ තියන "login to facebook" කියල හරි "connect to facebook" කියල නිල පාට බට්න් එකක් . අන්න එක ඔබන්න .

දැන් ඉතින් save changes කියන එක click කරන්න පුරුද්දට වගේ .. දැන් වැඩේ හරි. ඔයා දාන tweets , facebook එකේ status එකක් විදිහට වැටෙනවා දැන් .

පොස්ට් එක හොදයි වගේ නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා . 




EASY WAY TO COPY TEXTS FROM AN IMAGE

12/21/2013
Posted by Shiranga Ashan
Tag : ,



Copy and past කියන දේ අපි හැමෝගෙම වැඩ ගොඩක් පහසු කරනවා.. නමුත් Image එකක තියෙන text එකක් කොහොමද වෙන් කරලා copy කරගන්නේ කියල ගොඩක් දෙනෙක් දන්නේ නැ.. මේක කරගන්න ගොඩක් ලේසි ක්‍රමයක් ගැන තමා මේ කියන්න යන්නේ... මේක 100% ක් වැඩ කියල මට කියන්න බැ. මොකද image එක create කරලා තියෙන විදිහ අනුව සමහර images වලට වැඩ නැති වෙන්න පුළුවන්.. නමුත් 80% ක් විතර images වලට මේක වැඩ කරනවා.....


Microsoft office 2010 or 2013 use කරන අයට මේක කරන්න අමුතුවෙන් software එකෙක් ඕනි වෙන් නැ. Office package වල තියෙනවා OneNote කියල එකක්.. ගොඩක් අය මේ ගැන දන්නේ නැ.. ඒක open කරගන්න...

දැන් image එක ඒකට ඇදල දාන්න ....

දැන් ඒ image එක උඩ right click karala Copy text from image තෝරන්න ...



දැන් එතනම පහලින් හෝ MS Word වල paste කරගන්න......

office 2007 වල මේක තියෙනවද කියල මම බලල නැ ... ඒ එක use කරන අයත් පොඩි search පාරක් දල බලන්න මේක තියෙනවද කියල....

Post එක ගැන ඔබේ අදහස් comment කරන්න අමතක කරන එපා.....මොකද එක අපිට ගොඩක් වටිනවා..

Thank You......

ඔන්න එහෙනම් අදත් උදේ පාන්දර ( 11 ට විතර ) ආව මොනවහරි කියල දෙන්න කියලා ලබු කැටෙන් .

අද මොකද්ද කියල දෙන්නේ කියල කල්පනා කරද්දී මතක් උනා පොඩි හොර වැඩක් ගැන. මේවා කලාට අපායේ යන්නේ නැහැ . ලොල්!

මම හිතනවා මේ පොස්ට් එක කියවන අයගෙන් 70% කට විතර fake accounts ඇති කියල facebook එකේ.
ඉතින් ඔයාලට වගේම මටත් තියන ප්‍රශ්නයක් තමයි ඔය දෙකටම කොහොමද එක පාර log වෙන්නේ කියල . browsers 2ක් තියනවනම් ඔයාට අවුලක් නැහැ .

අද මම කියන්න හදන්නේ කොහොමද එක browser එකකින් එක facebook account එකකින්  ලොග් අවුට් වෙන්නේ නැතුව තවත් facebook account එකකට log වෙන්නේ කියල.

එහෙනම් වැඩේ පටන්ගමු .

ඉස්සෙල්ලාම පුරුදු විදිහට ඔයා crome එක open කරලා එක tab එකක් විතරක් open කරගෙන පුරුදු විදිහර ඔයාගේ එක facebook account එකකට log වෙන්න . දැන් හරි.

දැන් ඔය කරන්න හදන්නේ ඔය tab එක crome එකෙන් හංගන එක .

දැන් ctrl + shift + n ඔබන්න .



දැන් මෙන්න මේ වගේ පේනවා නේද උඩ tab එක ගාව හොරෙක් වගේ . අන්න ඒක තමයි ඔයාගේ හංගපු tab එක .

දැන් ඉතින් කිසිම කරදරයක් නැතුව ඔතන අයෙමත් පුරුදු විදිහටම ඔයාගේ අනිත් facebook account එකට log වෙන්න . කිසිම අවුලක් නැහැ . ඒක close කරාම අයෙමත් පුරුදු විදිහටම ඔයා හංගපු tab එක open වෙනවා .

ඔන්න ඔහොමයි ලොග් අවුට් වෙන්නේ නැතුව තව facebook එකකට එකම browser එකෙන් log වෙන්නේ .

අපි දන්න දේවල් ඔයාලට කියල දෙන්න අපි එනවා ආයෙමත් ලබු කැටෙන් . එහෙනම් සුබ දවසක් හැමෝටම !!!

පොස්ට් එක හොදයි වගේ නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා 





CLASSIC START MENU BACK IN FOR WINDOWS 8

12/20/2013
Posted by Shiranga Ashan
Tag : ,
Windows 7 use කර කර ඉඳල Windows 8 වලට මාරු වුන ගමන්  කටත් එන ලොකු ප්‍රශ්නයක් තමයි හුරු පුරුදු Start menu එක නැති එක.. ඔයාටත් ඒ ප්‍රශ්නේ තියෙනවා නම් මේකෙන් පුළුවන් 8 වලට තමන් කැමති විදිහේ start menu එකක් දාගන්න...

මුලින්ම මේක download කරගන්න...


දැන් ඕක run කරන්න.....





අයෙත් 8 වල start menu එක ඕනි නම් control panel එකෙන් Classic shell එක uninstall කරගන්න..... 
ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -