Posted by : nuwan darshika 12/21/2013

ඔන්න එහෙනම් අදත් උදේ පාන්දර ( 11 ට විතර ) ආව මොනවහරි කියල දෙන්න කියලා ලබු කැටෙන් .

අද මොකද්ද කියල දෙන්නේ කියල කල්පනා කරද්දී මතක් උනා පොඩි හොර වැඩක් ගැන. මේවා කලාට අපායේ යන්නේ නැහැ . ලොල්!

මම හිතනවා මේ පොස්ට් එක කියවන අයගෙන් 70% කට විතර fake accounts ඇති කියල facebook එකේ.
ඉතින් ඔයාලට වගේම මටත් තියන ප්‍රශ්නයක් තමයි ඔය දෙකටම කොහොමද එක පාර log වෙන්නේ කියල . browsers 2ක් තියනවනම් ඔයාට අවුලක් නැහැ .

අද මම කියන්න හදන්නේ කොහොමද එක browser එකකින් එක facebook account එකකින්  ලොග් අවුට් වෙන්නේ නැතුව තවත් facebook account එකකට log වෙන්නේ කියල.

එහෙනම් වැඩේ පටන්ගමු .

ඉස්සෙල්ලාම පුරුදු විදිහට ඔයා crome එක open කරලා එක tab එකක් විතරක් open කරගෙන පුරුදු විදිහර ඔයාගේ එක facebook account එකකට log වෙන්න . දැන් හරි.

දැන් ඔය කරන්න හදන්නේ ඔය tab එක crome එකෙන් හංගන එක .

දැන් ctrl + shift + n ඔබන්න .



දැන් මෙන්න මේ වගේ පේනවා නේද උඩ tab එක ගාව හොරෙක් වගේ . අන්න ඒක තමයි ඔයාගේ හංගපු tab එක .

දැන් ඉතින් කිසිම කරදරයක් නැතුව ඔතන අයෙමත් පුරුදු විදිහටම ඔයාගේ අනිත් facebook account එකට log වෙන්න . කිසිම අවුලක් නැහැ . ඒක close කරාම අයෙමත් පුරුදු විදිහටම ඔයා හංගපු tab එක open වෙනවා .

ඔන්න ඔහොමයි ලොග් අවුට් වෙන්නේ නැතුව තව facebook එකකට එකම browser එකෙන් log වෙන්නේ .

අපි දන්න දේවල් ඔයාලට කියල දෙන්න අපි එනවා ආයෙමත් ලබු කැටෙන් . එහෙනම් සුබ දවසක් හැමෝටම !!!

පොස්ට් එක හොදයි වගේ නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා 





Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -