Posted by : Kapila Nishantha 2/10/2015

Ubuntu ඇයි අපට වැදගත් ?

අද වන විට ගොඩක් පරිගණක වෙළදපොලෙන් මිලදී ගන්නා විට ඒ තුල Install කරලා තියෙන Operating System එක වන්නේ Ubuntu.

 අවාසනාවන්ත කරුණ වන්නේ බහුතරයක් දෙනා මේක මොකක්ද කියල බලන්නේවත් නැතිව Windows Install කර ගන්නවා. කියන්න කනගාටුයි ඔබ Windows Genuine Operating System එකක් නෙමේ නම් දැම්මේ ,ඔබ හොරෙක් බවට පත්වෙලා ඉන්නේ. බහුතරයක් කරන්නේ Crack එකක් දමා Windows activate කිරීමයි.
ඒ විතරක් නොවේ මෙලෙස crack බවිත කිරීමෙන් ඔබට ඔබගේ පරිගණකයේ උපරිම ප්‍රයෝජනයද ලබාගනිම්වේ අවස්ථාව මගහැරී යන බව ඔබ දන්නවද? නිරන්තරවම ලබාදෙන Updates Install කරගැනීමේ හැකියාව අහිමිවී යනවා.තවද මෙලෙස ඔබ crack එකක් යොදා බවිත කරනු ලබන්නේ Microsoft ආයතනය විසින් නොමිලේ  දින කිහිපයකට  ලබාදෙනු ලබන Trial version එකකි මෙහි මෙහෙයුම් පද්දතියේ අඩංගු සියලුම උපාංග අඩංගු නොවේ. එමනිසා ඔබට සැබෑ මෙහෙයුම් පද්දතියක පවතින කාර්යයන් ඉටුකරගත නොහෙක.
නමුත් ඊට විසදුම ලෙස ම යෝජනා කරන්නේ.නිදහස් මෘදුකාංගයක් ලෙස පවතින Ubuntu වැනි Linux Version එකක් බවිතා කරන ලෙසයි.Ubuntu පමණක් නොවේ. Linux mint, Debian, Fedora, Cent OS, Open SUSE, Mageia, Arch Linux, Slackware Linux, pupy Linux...... යනු දෙනාට ප්‍රසිද්ද ඔබට පහසුවෙන් සොයාගත හැකි මෙහෙයුම් පද්දති. ඒ අතරින් මා Ubuntu පාදක කොටගෙන ඉදිරියට මේ ලිපි මාලාව ලියන්නම්.

ඇයි අපි Ubuntu බවිත කල යුත්තේ?????

  1. Ubuntu නොමිල ලබාගත හැකි මෙහෙයුම් පද්දතියකි.
  2. මෙම මෙහෙයුම් පද්දතිය Install කර ගැනීමෙන් පසුව ඔබට Office,Media,... වැනි මුලික මෘදුකාංග වෙනමව Install කරගැනීමට අවශ්‍ය වන්නේ නැත.මෙහෙයුම් පද්දතිය සමග පැමිණේ.
  3. Hardware Drivers install කර ගැනීමක් අවශ්‍ය වන්නේ නැත.මෙහෙයුම් පද්දතිය මගින් ස්වයන්ක්‍රියව හදුනාගනු ලබනවා.
  4. Ubuntu ඉතා ස්තාවරයි.
  5. ඔබව Virus වලින් ආරක්ෂිතයි.අනවශ්‍ය වියදම් කොට Anti-virus මෘදුකාංග මිලදීගැනීමට අවශ්‍ය නොවේ.
  6. එක Update Manager කෙනෙක් මගින් පද්දතියේ සියලුම Updates සිදුකරගත  හැකිය.
  7. නිරන්තරයෙන් restart කිරීම අවශ්‍ය නොවේ.
  8. නිදහස් මෘදුකාංග ගණනාවක් නොමිලේ Download කරගැනීමට හැකියාව ඇත.
  9. දිනෙන් දින පරිගණකය මන්දගාමී වීම සිදු නොවේ.
  10. Work space කිහිපයක් බවිත කිරීමෙන් වැඩ පහසුවෙන් හා මන කළමනාකාරීත්වයකින් සිදුකර ගත හැකි වීම.
  11. ඔබගේ පරිගණකයේ ඉතා අඩු දාරිතාවයෙන් යුත්  දෘඩාංග මගින් වුවද මෙම මෙහෙයුම් පද්දතිය බවිත කල හැක.
  12.  New versions නොමිලේම ලබාගත හැකිය.
  13. සෑම මස හයකට වරක්ම Upgrade නිකුත් වේ.ඒවාද නොමිලේම ලබාගත හැක.
  14. ඔබට නොදැනුවත්ව සිදුවෙන background Updating ,and checking මගින් සිදුවිය හැකි data නාස්තිය වලක්වා ගත හැකිය.
  15. බාවිතාකරන්න දහස් ගණනක් ඔබගේ ප්‍රශ්න හා ඒවාට පිළිතුරු සැපයීමට සැදී පැහැදී සිටී Ubuntuforums.
ඉතින් ඔබත් අදම මේ වෙනස ඇත විද බලන්න.නොමිලේ මෙමෙ මෙහෙයුම් පද්දතිය Download කර ගැනීමටම http://www.ubuntu.com/download/desktop වෙත පිවිසෙන්න.මේ පොස්ට් එකට like කිරීමට share කිරීමට අමතක නොකරන්න.ස්තුතියි.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -