මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ ලංකාවේ අපේම කොල්ලෝ ටිකක් කරපු අලුත්ම වැඩක්.

Curefw එකේ ගෙදරට වෙලා ඔහේ ඉදල එපා වෙලා නේද, Film බලනවා, නිදාගන්නවා, කනවා, ගේ වටේ රවුමක් යනවා. මේ ටික ඇහෙනකොටත් දෙන එපා වෙනවා නේද. හැබෙයි මේ ඔක්කොටම වඩා වෙනස් දෙයක් කරලා , තෑගිත් දිනන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කිව්වොත් , නියමයි නේද.

හරි අපි බලමු මොකක්ද ඒ කියල, මේක Android app එකක්. Playstore එකට ගිහින් "Kiyuri" කියල search කලත් එනවා, නෙත්නම් මේ ලින්ක් එක click කරන්න https://bit.ly/2J7VKvi . දැන් App එකේ SignUp වෙන්නයි තියෙන්නේ. ඔයාලගේ මුලික විස්තර ටික දීලා SignUp උනාම , App එකට log වෙන්න පුළුවන්.



දැන් main මෙනු එකේ දකින්න පුළුවන් ප්‍රශ්න Cotogery . දෙනාට තෑගි දිනන්න පුළුවන් වෙන්නේ Cricket challange එකෙන්. එකේ වැඩිම ලකුණු ගත්තු කෙනාට, FB page එකේ Like & Comment කරපු කෙනාට Reload ලැබෙනවා.


ඊට අමතරව තවත් ගොඩක් ප්‍රශ්න තියෙනවා, COVID -19 , ප්‍රේහෙලිකා , මේ වගේ ගොඩක් දේවල් තියෙනවා.

 මම දකින විදියට නම් , අපේ වටිනා වෙලාව නිකන්ම කාල දානවට වඩා, මොනවා හරි අලුතින් දෙයක් ඉගෙන ගන්න ගමන් විනෝදයක් ලබා ගන්න තියෙන හොද App එකක් මේක. අනික මේක 100% ශ්‍රී ලංකිකයි. ඔයාලත් අදම try කරලා බලන්න. Reload දිනන්න.

Google Play : https://bit.ly/2J7VKvi
FB page : https://www.facebook.com/111784756994523/posts/143628383810160/?sfnsn=mo

360 Degree Videos

3/14/2015
Posted by Shiranga Ashan
360 Degree Videos



Video තාක්ෂණයේ අලුත්ම පෙරලියක් කරමින් Video එකකින් අංශක 360 ම නැරබිය හැකි පහසුකම දැන් Youtube  සමාගම මගින් එළිදක්වල තියෙනවා... සාමාන්‍ය web browser එකක් හරහා මේ videos බලන්න පුළුවන් වගේම Android Youtube app එක සහ Google cardboard උපාංගයක් බාවිතා කරලා හිසේ චලනයන්ට අනුරූපව මේ  videos බලන්න පුළුවන්.. මේ තියෙන්නේ ඒ වගේ video එකක්..




ඔන්න එහෙනම් ආවා දවස් කීපයකට පස්සේ බ්ලොග් එකේ මොනවහරි ලියල යන්න කියල .

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ facebook එකෙන් අපිව unfriend කරපු අයව බලාගන්නේ කොහොමද කියලා . අපේ එවුනුත් ඉතින් කැමතිනේ ඔය එක එක ඒවා ටෙස්ට් කරලා බලන්න නේද. එහෙනම් වැඩේට බහිමු.
බහිමු කීවට පොඩි වැඩයි කරන්න තියෙන්නේ .

හැබැයි මේ වැඩේ කරන්න google chrome browser එක තියෙන්න ඕන.

එහෙනම් මෙන්න මෙතනින් ගිහින් මේ extension එක browser එකට දාගන්නකෝ .

මෙන්න ලින්ක් එක

ඊට පස්සේ browser එක පොඩ්ඩක් රෙෆ්රේෂ් එහෙම කරලා facebook ගිහින් friends කියන ටැබ්  එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලාගන්න පුළුවන් unfriend කරපු අයව ගින්දර වගේ .



පොස්ට්  එක හොදයි වගේනම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා .





ඔන්න අද එහෙනම් ලබු කැටේ ආපී ඔයාලට පට්ට වාසියක් වෙන වැඩක් තමයි අරගෙන අවේ. වැඩි කතා නැතුව වැඩේට බහිමුකො .

මෙන්න මෙහෙමයි සින් එක . අද අපි කතා කරන්න යන්නේ ලෝකේ දැනට අංක එකේ hosting දෙන ආයතනයක් වෙන ipage ලාගෙන් කොහොමද FREE host එකක් අරගන්නේ කියලා .

ඇත්තටම මේ වැඩේට ඔයාලගෙන් සතයක්වත් යන්නේ නෑ වගේම ඔයාලට FREE HOST එකට අමතරව තව වාසි ගොඩක් මේ හරහා ලැබෙනවා .
ඇත්තටම මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ site හදන අයට . මොකද ඉතින් බල බල ඉන්න host එකක් අරගෙන වැඩක් නැනේ .

ඒ නිසා වැඩේ හරියටම කරන ය විතරක් මේක අපෙන් ඉල්ලන්න . එහෙම නැතුව නිකන් දෙන හැම මගුලම ගන්න කට්ටියනම් මේක ඉල්ලගෙන එන්න එපා .

ඇත්තටම කිවොත් මේක ipage ලගේ promotion එකක්. එයාලගේ site එක promote කරගන්න එයාල කරන වැඩක් . ඒ නිසා මේ offer එක ලගදීම ඉවර කරන්න උනත් බැරි කමක් නෑ .

හරි එහෙනම් බලමුකෝ අපි ඇයි මේක ගන්න ඕන කියල.

$100 Google Adword Credits ( ඔන්න ඕකෙන් ඔයාලට google එකේ අර උඩින්ම වැටෙන ad එකක් දාගන්න පුළුවන් )

$50 Facebook Credits ( මේකෙන් ඕනෑම රටක page එකක් facebook එකේ ad එකක් දාල promote කරගන්න පුළුවන් )


ඒ විතරක් නෙමෙයි .

$50 Yahoo/Bing credits
$100 Worth SiteLock security


Unlimited Domains ( ඔයාලට හිතේ හැටියට domains මේ හොස්ට් එක හරහා හසුරවන්න පුළුවන් )


Unlimited Bandwidth
Unlimited Disk space (මේවා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ )


ඔන්න ඔය වගේ වාසි සෑහෙන්න හම්බෙනවා ඔයාලට . ඒ විතරක් නෙමෙයි .
ලොකුම වාසිය තමයි මේක .

ඔයාලට මේ හරහා ඕනෑම domain එකක් free ගන්නත් පුළුවන්.

මේකට ඔයාලට $30 යනවා . හෝව් හෝව් සමහර අය ඕක දැක්ක ගමන්ම පොස්ට් එක කියවන එක නතර කරනවනේ .
එත් ඒ $30 ඔයාලට ආපහු ලැබෙනවා . ඒක 1000% sure. මොකද ලංකාවේ ගොඩක් අය දැනටමත් මේක අරගෙන තියනවා . ඒ ගැන වගකීම අපි ගන්නවා . 

අපේ රටේ ගොඩක් එවුන් වෙබ් site හදාගෙන ඒවා localhost එකේ දාගෙන බලාගෙන ඉන්නවා හොස්ට් කරගන්න නැතුව . ඒ වගේම හොස්ට් කරලා hosting company වලට ලොකු ලොකු ගණන් ගෙවන අයත් ඉන්නවා .

සල්ලි තියනවනම් ගෙව්වට කමක් නෑ . සල්ලි නැති අපි වගේ එවුන් ඉන්නවනම් අදම කතා කරපල්ලා . කවුරු හරි දිවුනුවුනයි කියලා අපිට හෙන ගහන්නේ නෑනේ බන්.

මෙන්න මේකයි වැදගත්ම දේ . දැන් මේක දැක්ක ගමන් google එකේ ipage කියල ගහල උන්ගේ reg වෙලා සල්ලි හම්බුනේ නෑ කියල එහෙමනම් කියන්න එපා හොදද . වැඩේ පිළිවෙලක් ඇතුව කරගන්න ඕනනම් අපිට කතා කරන්න . ඕන වෙලාවක අපි කැමතියි උදව් කරන්න .

තව විස්තර දැනගන්න ඕනනම් call එකක් ගන්න . දැන් හිතන්න එපා මට 30$ක් නැති නිසා මේක අතැරලා දානවා කියලා . හැම දේටම විසදුමක් තියනවා කියනවනේ . එහෙනම් හරි ඔන්න. 

දෙන්න තියන දෙයක් ලග බදාගෙන ඉන්නේ නැතුව බොක්කෙන්ම දෙන්න ඕන නිසයි මේ ගැන බ්ලොග් එකේ ලිවේ . මේ ගැන දන්නා හැමෝටම කියන්න . පුළුවන් තරම් අයට කියන්න මේකෙන් අපිට ලැබෙන වාසි. කවුරුහරි නිකන් site එකක් හොස්ට් කරගත්ත කියල අපිට වෙන අවාසියක් නෑ බන්. ඒ නිසා හැමෝම ගැන හිතල හැමෝවම දැනුවත් කරමු.

ඕනෑම වෙලාවක දෙන්න call එකක් 

0713937946 - නුවන් 

එහෙනම් හැමෝටම ජය!

VLC media player as Converter

2/13/2015
Posted by Kapila Nishantha

VLC media player එකද use කරන්නේ?

එහෙනම් මොකදට හතර වටේම දුව දුව audio , Video  Converters හොයන්නේ? දන්නෙම නැතිව ලගම තිබිලානේ . ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති VLC media player එක use කරලා audio , video convert කරගන්න පුළුවන් කියල. බොහොම සරලයි.
  1. VLC palyer එක open කරගන්නකො.උඩින්ම ඇති media කියල එකක් .එක click කරන්න.එතන පහලින් ඇති Convert/Save.. කියල එකක් .එකත් Click කරන්න.   
  2. දැන් ආපු window එකේ add button එක click කරලා convert කරගන්න අවශ්‍ය file එක add කරගන්න.
  3. දැන් පහලින් ඇති Convert/Save button එක click කරන්න.
  4. අලුතින් ආව window එකේ profile කියන තැන තිබෙන drop down list එකෙන් අවශ්‍ය format එක තෝරන්න. වැඩිදුර settings වෙනස් කරගන්න edit selected profile  button එක click කරලා හදාගන්න පුළුවන්.

  5. පහලින් තියෙන Brows button එක මගින් අපේ අන්තිම result එක යන තැන හදාගන්න පුළුවන්.
  6. හරියට ඔක්කොම හදාගෙන start button එක click කරන්න.
වැඩේ බොහොම සරලයි නේද.මේ media player එක නැති අය මේ link එකෙන් බාගත කරගන්න. http://www.videolan.org/vlc/index.html
අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න.තවත් අලුත් වෙනස් දේවල් ඉස්සරහටත් දැනගන්න පුළුවන්.අමතක කරන්න එපා අපිට like එකක් දල යන්න. එත් එක්කම මේක කරගන්න අමාරු උන කෙනෙක් හෝ මේ පිලිබදව ප්‍රශ්න තියෙන ඒවා පහලින් comment කරන්න.අපි උදව් කරන්නම්.ස්තුති.
හොදයි ඔන්න එහෙනම් අයෙමත් අවා ලබුකැටෙන් අපි .
අද මම ඔයාලට wordpress ගැන පොඩි හැදින්වීමක් කරන්නයි හදන්නේ . මොකද wordpress , joomla කිවම බොරුවට බයේ දගලනවා . නමුත් අපි හැමෝම දන්නවනේ wordpress වගේ දේවල් හදල තියෙන්නේ අපේම ලේසියට .
ඇත්තම කිවොත් මමත් ගොඩක් බයෙන් තමයි හිටියේ worpress ගැන මුලින්ම. ඒත් කරන්න පටන්ගත්තට පස්සේ හිතුන මහලොකු දෙයක් නෙමෙයි කියලා .
මමත් මහලොකුවට දන්නේ නෑ . එත් මම දන්නා ටික wordpress site එකක් හෝ blog එකක් හදාගන්න ප්‍රමාණවත් වේවි කියල මම හිතනවා . ( දන්නා ටික හරි කාටහරි කියල දෙනවනම් පිනක්නේ )

ගණන් වල theory එක දන්නවනම් ඕන ගානක් හදාගන්න පුළුවන් වගේ වැඩක් තම මේක . පොඩි වැඩ කොටසයි තියෙන්නේ. ඒක තමයි නැවත නැවත යෙදෙන්නේ.

හරි අද මම ඔයාලට මේකේ වැඩ ටික උඩින් පල්ලෙන් කියාගෙන යන්නම් . පස්සේ screenshots එක්ක හොද පොස්ට් එකක්දැන්නම් . මුලින්ම අද ලිපිය කියවලා මේක ගැන idea එකක් අරන් ඉන්නකෝ .



මුලින්ම කියන්න ඕන මම මේක ලියන්නේ wordpress පරතරෙටම ගිය යට නෙමේ කියලා. තන්ගේම කියල blog එකක් හරි site එකක් හරි පටන්ගන්න ඉන්න wordpress ගැන මහා ලොකු දැනුමක් නැති අයටයි මම මේ ලිපිය ලියන්නේ, ( පරතරෙටම ගිය අයත් බැලුවට කමක් නෑ )

හරි එහෙනම් අපි කොටසෙන් කොටස බලමු ,

theme එක 

හරි මුලින්ම බලමු මොකද්ද මේ theme එකක් කියල කියන්නේ කියල. theme එකක් කියන්නේ පිට කට හරි අපේ siteසිතේ එක පෙන structureස්ට්‍රුච්ටුරේ එක. ඒක හරියටම අපේ siteසිතේ එකට ගැලපුනේ නැත්නම් ඉතින් ඔක්කොම කරලා හමාරයි .
මලකට හදපු අච්චුවකින් සමනලයෙක් කපන්න බෑ වගේ තමා .
එහෙම කරගන්න ඕන නෑ . worpress වල ප්‍රවීණයෝ අපිට ඕන තරම් themes free download කරගන්න අවස්ථාව දීල තියනවා .
අපිට අවශ්‍ය theme එකක් අපිට තේරෙන විදිහකට google එකේ search කලාම ඕන තරම් themes එනවා free download කරගන්න .
හැබැයි ඔය අතර තියනවා premium themes කියල ජාතියකුත් . ඒවා අපිට free download කරන්න දෙන්නේ නෑ . මොකද ඒවගේ ඇතුලත් වෙලා එන features ප්‍රමාණය වැඩියි අනිත් ඒවාට වඩා .
ඔයාල මොකක්හරි සිතේ එකක් host කරන්නම හිතාගෙන හදනවනම් ඉතින් සල්ලි දීල ගන්න theme එකක් ගන්න එක හොදයි කියල තමයි මටනම් හිතෙන්නේ . මොකද නොමිලේ දෙන themes වල තියන bugs අපිට හරියටම පෙන්නේ නැති වෙන්න පුළුවන් නිසා.

තව දෙයක් . ඔය හදන site එකට ගැලපෙන theme එකක් නොමිලේ ගන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට බය නැතුව ඊට අසන්න වශයෙන් සමාන theme එකක් හරි ගන්න . මොකද ඔය theme install කරගත්තට පස්සේ අපිට ඕන ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්.
වෙනස් කරන්න තියන ප්‍රමනා අඩු වෙනවා ඔයා හරිම theme එක තෝරාගත්තොත් .
( මම උඩින් සදහන් කරපු සමහර සල්ලි දීල ගන්න තියන theme torrent වලින් එහෙම නොමිලේ බාගන්න chances තියනවා සමහර වෙලාවට . හොර වැඩ කරනවද නෙද්ද කියන එක තමන්ගේ තීරණයක් . ඒවගේ ප්‍රමිතිය ගැනනම් ඉතින් මමනම් වගකීමක් ගන්නේ නෑ )
ඒ වගෙඅ කියන්න ඕන අපිට අපේ site එකේ theme එක ඕනෑම වෙලාවක වෙනස් කරගන්න පුළුවන් කියලත්.

plugins

ඇත්තටම මොනවද මේ wordpress වල plugins කියල කියන්නේ? ඇත්තම කිවොත් මේක තමයි wordpress වලදී අපි හොදටම දැනගන්න ඕන දේ. මොකද අපිට පුළුවන් මේ plugins පාවිච්චි කරලා අපේ theme එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න .
මෙතනදීත් කියන්න ඕන අපිට worpress plugins නොමිලේ ලබාදෙනවා වගේම සල්ලි දීල ගන්න තියන plugins එහෙමත් තියනවා. අපි ඉතින් අපේ site ගොඩක් ලස්සන කරන්නවනම් හරි ගොඩක් features
 දානවනම් හරි අපිට ඉතින් ඒ වගේ සල්ලි දීල බාගන්න තියන plugin එකකට යන්නත් වේවි .
හැබැයි මම කලිනුත් කිව වගේම ඔය බ්ලොග්ස් වල සහ torrets වල ඕන තරම් plugins තියනවා සල්ලි දීල ගන්න තියන ඒවත් නොමිලේම බාගන්න. (පරිස්සමින් හොදේ )

හරිම සරල ආකාරයෙන් plugin එකක් install කරගන්න පුළුවන් වගේම plugin එක download කරන පගේ එකේ එයාල ඒක හසුරවන විදිහ දානවා . ඒ නිසා කිසිම අපහසුවකින් තොරව අපිට පුළුවන් plugins use කරන්න හිතේ හැටියට .

අපිට plugins install කරලා ඒක අපේ site එකට ගැලපෙන්නේ නෑ වගේනම් අයෙමත් ඒක site එකට කිසිම අවුලක් නොවී uninstall කරන්න පුළුවන්. ඒ නිසා plugins test කරන්න බයවෙන්න එපා,

දැනට ඔයාල මේ දෙක ගැන පොඩ්ඩක් search කරලා හොද idea එකක් ගන්න . google එකේ search කරලා theme එකක් ඉන්ස්ටල්ල් කරගන්න බලන්න .
මම තව ටික දවසකින් wordpress ගැන ලොකු පොස්ට් එකක් අරන් එන්නම්. ඔය අත්හදා බලල තිබුනොත් අපිට පුළුවන් වැරදි හදගෙනම ඊලග පොස්ට් එකකත් එක්කම ඉස්සරහට යන්න.

post එක හොදනම් comment එකක් දල යන්නත් අමතක කරන්න එපා..

Ubuntu Linux VS Windows

Posted by Kapila Nishantha
Tag :

Ubuntu ඇයි අපට වැදගත් ?

අද වන විට ගොඩක් පරිගණක වෙළදපොලෙන් මිලදී ගන්නා විට ඒ තුල Install කරලා තියෙන Operating System එක වන්නේ Ubuntu.

 අවාසනාවන්ත කරුණ වන්නේ බහුතරයක් දෙනා මේක මොකක්ද කියල බලන්නේවත් නැතිව Windows Install කර ගන්නවා. කියන්න කනගාටුයි ඔබ Windows Genuine Operating System එකක් නෙමේ නම් දැම්මේ ,ඔබ හොරෙක් බවට පත්වෙලා ඉන්නේ. බහුතරයක් කරන්නේ Crack එකක් දමා Windows activate කිරීමයි.
ඒ විතරක් නොවේ මෙලෙස crack බවිත කිරීමෙන් ඔබට ඔබගේ පරිගණකයේ උපරිම ප්‍රයෝජනයද ලබාගනිම්වේ අවස්ථාව මගහැරී යන බව ඔබ දන්නවද? නිරන්තරවම ලබාදෙන Updates Install කරගැනීමේ හැකියාව අහිමිවී යනවා.තවද මෙලෙස ඔබ crack එකක් යොදා බවිත කරනු ලබන්නේ Microsoft ආයතනය විසින් නොමිලේ  දින කිහිපයකට  ලබාදෙනු ලබන Trial version එකකි මෙහි මෙහෙයුම් පද්දතියේ අඩංගු සියලුම උපාංග අඩංගු නොවේ. එමනිසා ඔබට සැබෑ මෙහෙයුම් පද්දතියක පවතින කාර්යයන් ඉටුකරගත නොහෙක.
නමුත් ඊට විසදුම ලෙස ම යෝජනා කරන්නේ.නිදහස් මෘදුකාංගයක් ලෙස පවතින Ubuntu වැනි Linux Version එකක් බවිතා කරන ලෙසයි.Ubuntu පමණක් නොවේ. Linux mint, Debian, Fedora, Cent OS, Open SUSE, Mageia, Arch Linux, Slackware Linux, pupy Linux...... යනු දෙනාට ප්‍රසිද්ද ඔබට පහසුවෙන් සොයාගත හැකි මෙහෙයුම් පද්දති. ඒ අතරින් මා Ubuntu පාදක කොටගෙන ඉදිරියට මේ ලිපි මාලාව ලියන්නම්.

ඇයි අපි Ubuntu බවිත කල යුත්තේ?????

  1. Ubuntu නොමිල ලබාගත හැකි මෙහෙයුම් පද්දතියකි.
  2. මෙම මෙහෙයුම් පද්දතිය Install කර ගැනීමෙන් පසුව ඔබට Office,Media,... වැනි මුලික මෘදුකාංග වෙනමව Install කරගැනීමට අවශ්‍ය වන්නේ නැත.මෙහෙයුම් පද්දතිය සමග පැමිණේ.
  3. Hardware Drivers install කර ගැනීමක් අවශ්‍ය වන්නේ නැත.මෙහෙයුම් පද්දතිය මගින් ස්වයන්ක්‍රියව හදුනාගනු ලබනවා.
  4. Ubuntu ඉතා ස්තාවරයි.
  5. ඔබව Virus වලින් ආරක්ෂිතයි.අනවශ්‍ය වියදම් කොට Anti-virus මෘදුකාංග මිලදීගැනීමට අවශ්‍ය නොවේ.
  6. එක Update Manager කෙනෙක් මගින් පද්දතියේ සියලුම Updates සිදුකරගත  හැකිය.
  7. නිරන්තරයෙන් restart කිරීම අවශ්‍ය නොවේ.
  8. නිදහස් මෘදුකාංග ගණනාවක් නොමිලේ Download කරගැනීමට හැකියාව ඇත.
  9. දිනෙන් දින පරිගණකය මන්දගාමී වීම සිදු නොවේ.
  10. Work space කිහිපයක් බවිත කිරීමෙන් වැඩ පහසුවෙන් හා මන කළමනාකාරීත්වයකින් සිදුකර ගත හැකි වීම.
  11. ඔබගේ පරිගණකයේ ඉතා අඩු දාරිතාවයෙන් යුත්  දෘඩාංග මගින් වුවද මෙම මෙහෙයුම් පද්දතිය බවිත කල හැක.
  12.  New versions නොමිලේම ලබාගත හැකිය.
  13. සෑම මස හයකට වරක්ම Upgrade නිකුත් වේ.ඒවාද නොමිලේම ලබාගත හැක.
  14. ඔබට නොදැනුවත්ව සිදුවෙන background Updating ,and checking මගින් සිදුවිය හැකි data නාස්තිය වලක්වා ගත හැකිය.
  15. බාවිතාකරන්න දහස් ගණනක් ඔබගේ ප්‍රශ්න හා ඒවාට පිළිතුරු සැපයීමට සැදී පැහැදී සිටී Ubuntuforums.
ඉතින් ඔබත් අදම මේ වෙනස ඇත විද බලන්න.නොමිලේ මෙමෙ මෙහෙයුම් පද්දතිය Download කර ගැනීමටම http://www.ubuntu.com/download/desktop වෙත පිවිසෙන්න.මේ පොස්ට් එකට like කිරීමට share කිරීමට අමතක නොකරන්න.ස්තුතියි.
                           සියලු දෙනාට තෙරැවන් සරණයි ! 

2011  දෙසැම්බර් මාසේ ඉදන් තමයි පෝස්ට් ලියන්න මුලින්ම පටන් ගත්තේ  මම හිතන්නේ අවු 1 හමාරකින් විතර මොනවත් ලිව්වේ නැ .. දැන් නම් අපිව දන්නේ වත් නැතුව ඇති ... හැබැයි මම ෆොන් එකෙන් කියලු දුන්නු අය අතරින් අතලොස්සක් අදටත් අපි ගැන කතාකරනවා දැකීම සතුටක් ... ගොඩක් අය අමතක කරලා ..  අපි‍ටත් වැඩිය ඉස්සරහට ගිහින් මටත් ඒවා ගැන කියලා උගන්නවා නම් ගොඩක් සතුටුයි ...

එව්වා ඇති වැඩේට බහිමු  අංක 1 ට කියන්නේ මම ලියන්නේ ලංකාවේ රැකියා ගැන ..ඒ නිසා මේ පෝස්ට් එකට ලයික් නොවැටුනා කමක් නැත... හැබැයි සියලු දෙනාගෙන් මම ඉල්ලන්නේ මේක ෂෙයාර් කරන්න කියලා . මොකෝ අලුතින් ආව විශ්ව විද්‍යාල ළමයි ඉන්නවා ..දුප්පත් අපි වගේ ගමෙන් ආපු අය ඉතින් එයාලට මේවා කරන්න පුලුවන් කීයක් හරි හොයගෙන දෙමව්පියන් බරක් නොවී ජීවත් වෙන්න පුලුවන්.තමන්ගේ පාඨාමාලා කාලය අවසන් වන තුරැ ..

ඉතින් නොදන්න කෙනෙක්ට මේක කියවලා අදහසක් ගන්නවා ..ඒකෙන් වෙන්නේ  මනුස්සයා ගොඩ යන එකනේ ..ඉතින් ඒක ලොකු පිනක් ඒක නිසා මේක වෙන අයට අරන් යන්න මේක ෂෙයාර් කරන්න එතකොට තමා අපේ රට ශක්තිමත් වෙනවා වගේම මගේ මේ වෑයමත් සාර්ථක වෙන්නේ ...


** විශේෂයෙන් කියන්න ඕනි තමන්ට කැමති රැකියාවක් කරන්න ..කවදාවත් මේක හොඳයි කියලා අකමැති රැකියාවක් කරන්න එපා .. එහෙම උනොත් ඔබ අතෘප්තිමත් ..ඒ නිසා තෘප්තිමත්කම ධෛර්යක් කරගෙන රැකියාව කරන්න ..

 ඔබ ආසයි නම් ගොවියෙක් වෙන්න ඔබ ගුරැවරයෙක් වෙන්න එපා .. හොඳට කෘෂි කර්මය ඉගෙන ගෙන බෝග වගා කරන්න ..  දන්නවනේ ලංකාවේ කාලෙකට එලවලු වැඩි කාලෙකට එලවලු අඩුයි ..ඉතින් අවුරැදු ගානක එලවලු වල මිල ගැන දත්තයන් හොයලා වැඩි කාලෙකට එලවලු ගන්න මොකක් හෝ පාලිත තත්ව යටතේ කෘෂිකර්මයකට යෙදෙන්න ... සල්ලි අතේ නිවහල් සිතේ !!!!!

අපේ සීයා හොඳ ව්‍යාපාරිකයෙක්  දැන් නම් සාසනයට ඇතුලු වෙලා ඉන්නේ  මට කියන්නේ මේ ලොකේ නිවහල් රැකියා 3

1.ගොවිතැන
2.ව්‍යාපාරය
3.හස්ත කර්මාන්තය

දැන් ලංකාවේ සල්ලි තියන අය බිස්නස් කරන අය නේද .. එයාලා වැඩ කරන්නේ කාටවත් ය‍ටත්ව නෙවේනේ ..  ඉතින් අන්න ඒකයි නිවහල් කියන්නේ ...
නමුත් අනිත් රැකියා වහල් මොකෝ අපි ඉහලින් දෙන උපදෙස් පිලිපදින්න වෙන්නේ ....

ඒ නිසා තමන් කැමති රැකියාවේ නිරත වෙන්න අකමැති නම් අයින් වෙන්න ලංකාවේ කරන්න දේවල් කොච්චර තියනවද ?


කම්මැලිද රස්සා කරන්න . ලේසියෙන් සල්ලි හොයන්න ආසා .. ලේසියෙන් සල්ලි හොයන්න නම් බෑ.. හැබැයි මුලින් මහන්සිවෙලා පටන්ගත්තොත් පස්සේ ලේසියෙන්ම සල්ලි හම්බවෙනවා ...

එහෙනම් මම මේක ලියන්න හිතුවේ අපේ සමාජයේ සමහරක් අයගේ සෘණාත්මක ආකල්ප ධනාත්මකව වර්ධනය කරන්නයි ..මගේ ජීවිතයේ යම් කිසි සත්‍ය සිදුවීමුත්  ඇතුලත් කරලා  මේක ප්‍රයෝගිකව ලියන්න ඕනි යැයි සිතුනා .. ඉස්සර වගේ කාල සීමාව අඩු නිසා ගොඩක් කාලෙකින් මේ වගේ දෙයක් ලියන්න බැරි වුනු නිසා මේ අවස්ථාව හමුවුන එක ගැන මම සතුටු වෙනවා .


මේක වෙනත් කෙනෙකුවට වැදගත් වෙනවා වගේ සිතනාවානම්, අනිවා ෂෙයාර් කරන්න .. 

මේක ලියන්න හේතු වුනේ ගොඩක් අය මගෙන් අහනවා අන්තර්ජාලය තුල සාර්ථකව  මුදල් හොයන්නේ කේසේද? කියලා..

අනික නිකම් ඉදන් සල්ලි නම් ලැබෙන්නේ නැ අපි වගේ දුප්පත් අයට මහන්සි වෙන්න ඕනි නැත්නම් රැ 20 දීලා ස්විප් එකක් අරන් ඇදුනොත් තමා   .. හැබැයි සල්ලි තියන අය නම් එයාලගේ ආයෝජන වලින් සල්ලි ලබා ගන්නවා ඇති .. ඔන්න ඉතින් අපිට කොයින්දෑ සල්ලි ... එහෙනම් වැඩේට බහිමු .... එක එක ඒවා කියන්නේ නැතුව ආ...... මම අහ‍ගෙන මේ ළගදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක් කියනවා නම මතක නම් නැ  ..උපාධිය කියන්නේ  ඔබට රැකියා ලබා ගැනීමට සුදුසුකමක් විතරයි ....නැතුව උපාධිය ගත්තා තියලා රජයෙන් ඔයාලට රස්සා දෙනවා කියලානම් පොරොන්දු වෙලා නැ කියලා.. ඇත්ත නේද කතාව ..හැබැයි සම හරක් යන අය උපාධීයක් අරන් රස්සා නැ කියලා පිකටින් කරනවා ඒ මොන බොරු වැඩද අෆ්ෆා ...තමන් ස්මාට් නම් තමන්ට ලංකාවේ මෙන්ම පිටරටද රැකියා ඕනි තරම් තියනවා ..හ්ම් හැබැයි ඉතින් තමන් ස්මාට් වෙන්න ඕනි ‍ෆේස් කරන්න ... 

1 වෙනි මාතෘකාව 

ඇයි අපේ මිනිස්සුන්ට අලුතින් හිතන්න බැරි?

මුලින්ම අපි බලමු මේ ව්‍යාපාර කියන්නේ මොනවද ඒවැන්නක් ආරම්භ කිරිමට අව්‍ශ්‍ය සාධක මොනවද ...

මුලික සාධක 4යිනේ භුමිය ශ්‍රමය ප්‍රග්ධනය ව්‍යවසායකත්වයනේ ඕකෙන් පළවෙනි 3 දන්නවා ඇතිනේ .... එත් ඕකෙන් භුමිය ප්‍රග්ධනය නම් විශේෂයෙන් සලකන්න ඕනි නෑ... හැබැයි ශ්‍රමය ඕනි මොකද අපි මහන්සි වෙන තරමටනේ ප්‍රතිඵල තියෙන්නේ නේද...  අනික ප්‍රධාන තොතේරෙන කරැණ ව්‍යවසායකත්වය.. ඒ කියන්නේ ව්‍යාපාරයක් ගොඩ නගා ගැනීමට තමන්ට ඇති හැකියාව .. මුලික කරැණ නම් ව්‍යපාරයක් යනු ලාභ අලාභ යන කොටස් 2 තියෙනවා නමුත් අලාභ  වන විට අලාභය අඩු කරගන්න උත්සහ කරගන්න ඔ්නි  තියන පාඩු අවම වෙනවා කියන්නේ කීයක් හරි ලාභ වෙනවා කියන එක ...නේ..... අනික ධර්මයේ සඳහන් පරිදි නොකළ යුතු වෙළදාම් කරන්න එපා ..අසාධාරණ විදිහට හම්බකරන්න එපා .. බොරු නැතුව ප්‍ර්‍රයෝග යෙදීමෙන් ව්‍යාපාරය අරන් යාම(රෝල ගහනවා කියන්නේ) තමයි ව්‍යවසායකත්වය..මමත් මුලින්ම අනුන්ගේ සල්ලි ඉල්ලගෙන තමා ව්‍යාපාරය පටන් ගත්තේ ..ගෙදර තියාගෙන විකුන්නේ මම හිතනවා භුමිය ප්‍රග්ධනය එතරම් බලපාන්නේ නෑ කියලා ....ඔය ටික තියනවනම් මොකෝ බිස්නස් කරන්න බැරි නේද ? පුලුවන් හැබැයි ස්මාට් වෙන්න ඕනි ...... අනික සමාජයේ සම්මතයක් තියනවනේ රජයේ රැකියාවක් තියවනම් ..පෙන්ෂන් එකක් තියවනම් හොදයි කියලා ..දැන් ඔය ටීවි එකේ ඇඩ් දාන්නේ පඩියෙන් කැපුනම ..පෙන්ෂන් දෙනවා කියලා ... එක එක බැංකු වලට අවුරැදු ගනනක් වාරික ගෙවලා ..අන්තිමේට පෙන්ෂන් එකක් දෙනවා කියන්නේ ...මොකටද රජයේ රැකියා ... ඔන්න ඔය වගේ පෙන්ෂන් ප්ලැන් එකකට යන්න එතකොට ඔයාලටත් පෙන්ෂන් එකක් හම්බවෙයි ..

අනික ගොඩක් දෙමව්පියෝ කැමති නැ ළමයි අලුත් දේවල් කරනවට ... එකක් එයාලා ඒ ගැන නොදැනුවත්කම ...අනික එයාලට ඒවා කරලා ගොඩ යන්න පුලුවන්ද  කියලා බය . අද අලුත් දේවල් හිතුවොත් අනිවාර්යයෙන් කරන්න පුලුවන් ..ඒවගේම ලාභ ගන්නත් පුලුවන් . 

අනේ කව්රැහරි මේ ලිපිය කියවනම් තමන්ගේ දරැවෙන් හරි මේකට යොමු කරවන්න ..රැකියා නැති අයට මේක ගොඩක් ප්‍රයෝජන වෙයි

එහෙනම් බලමු අපිට තියන බිස්නස් මොනවද කියලා ... හැ..හැ අපි කොරන හැම රස්සාවක් බිස්නස් එකක් නොවෑ..සල්ලිනේ හොයන්නේ .. සල්ලි හොයන්න නීත්‍යානුකුල .කාලයට තාලයට ගැලපෙන උචිත රැකියා කිහිපයක විස්තර මම දාන්නම් ඔන්න ඒවා ටිකක් කියවනකොට ඔයාලට අලුතින් අලුත් රැකියා ගැන හිතෙයි .. එහෙම ඒවා හිතුනොත් අපිටත් කියන්ට ඕනැ ඈ..

2.වෙනි මාතෘකාව 

අලුත් රැකියා වර්ග 

එ‍තනට යන්න කලින් මේ ටික මම කියන්නම්කෝ ..දුප්පත් අපිට ලොකු මුදලක් ආයෝජනය කරලා ලොකු ව්‍යාපාර කරන්න හයියක් නැ තියෙන්නේ මේදේ කරන්න ඕනි කියලා හිතේ හයිය විතරනේ .. නේද 

මුලින්ම සාමාන්‍ය  කෙනෙක් පටන් ගන්නවා සිල්ලර භාණ්ඩ විකුනන කඩයක් .. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒවා යල් පැනපු ක්‍රම හැම තැනම තියනවා එ්වගේම අපේ ඒවා සුපර් මාකට් නෙවේනේ ණයටත් අරන් යනවා අන්තිමේට වෙන්නේ  

මුදලත් මිතුරාත් දෙන්නම නැතිවෙන එක ...  ඒ වගේ දේකට යන්න එපා අලුත් දෙයක් බලමු ....

ඔයා දානවා කියමු හාඩ්වෙයාර් අයිතම තියන කඩයක් ප්‍රශ්නේ මොකක්ද දාන්න ලොකු මුදලක් ඕනි හැබැයි වැඩේ ලාභ සහිතයි නමුත් සිල්ලර කඩයක් දාන්න මුදල් ගොඩක් අවශ්‍ය වෙන්නේ නැ ... සාමාන්‍ය කෙනෙකුට ඒක ලේසියි හැබැයි කරදරයිසාමාන්‍ය ව්‍යාපාරික ලෝකය බලපුවාම  තනියම උත්සහ කරන කරන කෙනෙකුට නැගිටින්න අමාරැයි .. ඉතින් ඒ පැත්තට නොගොස් අලුත් දේවල් ටිකක් බලමු ..

1.උපකාරක පංති පැවැත්වීම

තමන්ට උපාධියක් තියනවනම් උගන්නන්න පුලුවන් නම් පැය 2 වැනි කණ්ඩායම් පංති අාරම්භ කරන්න වියදමක් නැතුව අාදායමක් ගන්න පුලුවන් මාර්ගයක් මේ ..නමුත් අධ්‍යාපන සුදුසුකම් අඩු අයට මේ ක්‍රමය ගැලපෙන්නේ නෑ...හොද ආදායමක් උපයාගන්නට පුලුවනි ..


2. ගරාජ් සේල් 

මේක හොඳ ව්‍යපාරයක් මම දැකලා තියනවා රජයේ ගැසට් පත්‍රයේ ඒවගේම සිකුරාදා දිනමිණ පත්‍රයේ රජයේ ආයතනවල මෙන්ම පෞද්ගලික ආයතන වල පාවිච්චි කරන ලද භාණ්ඩ අඩුවට විකුනනවා .. http://tenders.lk/ 

වගේ වෙබ් සයිට් වල ගිහින් තොරතුරැ හොයගෙන වෙළදපලේ මිලට වඩා ගොඩක් අඩුවෙන් තමා වෙන්දේසි වෙන්නේ

උදා- පොස්පේට් එකේ ලගදි වෙන්දේසියක් තිබුනා .. ඒකේ යුපිඑස් එකක් ගිහින් තිබුනේ රු 200-300 විතර කඩේ රැ 4500 වෙනවා ඉතින් ගෙනල්ලා මෙහේ විකුන්නත් මොකද රැ 1500 විතර ..

ඒ වගේම ගරාජ් භාණ්ඩ පුටු කට්ටල ලැප්ටොප් එක එක දේවල් මිලදි අරන් අඩුවට වැඩියෙන් විකුනන්න පුලුවන් නම් හොද ආදායමක් ගන්න පුලුවන් දේවල්

මේ  ලංකාවේ වෙන්දේසිකරැවෙක් වන ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම ලගේ වෙබ්ලිපිනයේ මේවා ගැන දානවා 
වාහන වෙන්දේසිවලට යන්න එපා ..දන්නවනේ වාහනයක් ගන්න ලොකු මුදලක් යටකරන්න ඕනි කියලා ..වේවා කරලා දියුනු උනාම වාහනවලටත් යන්න පුලුවන් වේවි ..අනිවාර්යයෙන්ම

අනිත් ප්‍රශ්නය තමා ගෙනාපු මේවා කොහොමද විකුනන්නේ කියලා  එතන මුලින්ම යන කෙනෙකුට ප්‍රශ්නයක් තමා?

පුලුවන්

ikman.lk හා වෙනත් වෙබ් ලිපින වල ඇඩ් දාන්න
තමන්ගේ යාලුවෝ මාර්ගයෙන් ..
නැත්නම් ගෙදර තියන'
මාස 3ක් ඇද්දනම්, බිස්නස් එක හැදෙනවා ඊට පස්සේ එහෙ මෙහෙ යන්න ඕනි නෑ....අතටම බිස්නස් වෙනවා 

රැකියාවට යනවා වගේ ඇදුම් ගන්න ඕනි නැ ... ගමන්ගාස්තු නැ ...අරවා මේවා වලට වියදම් නැ ..කන්න බොන්න විතරයි වියදම ‍ගෙදර ඉදන් කරගෙන යන්න පුලුවන් ...මාසෙකට බිස්නස් 10 විතර  අවුලක් නැ රැ 30000 විතර ගොඩ ...


3.රේගුවේ තියන වෙන්දේසිවලට සහභාගි වීම

 http://www.customs.gov.lk/ඔය ලිපිනයේ ටෙන්ඩර්ස් සේල් කියලා දාලා තියනවා .....  

ඔන්න ඕකේ තියනවා හැබැයි ටිකක් සල්ලි තියන කෙනෙකුට වගේ තමා හොද මොකද භාණ්ඩ නම් 1-2 අඩුවෙන් යන්නේ ....එකපාර ලොකු ගානක් හොයගන්න පුලුවන් ..


4.දළ දේශිය නිෂ්පාදිතයට එකතු වෙන ආකාරයට ව්‍යාපාර කිරීම

අලුත් නිෂ්පාදන එලි දැක්වී..ඔයාලට හිතෙනවනම් අලුත් නිෂ්පාදන මට හදන්න පුලුවන් කියලා .. බලන්නේ නැතුව අදම වැඩේට බහින්න ...

උදා- ළගදී මගේ යාලුවෙක් කතා කරා  පස්යාල පැත්තෙන් මිනිහා මල්පෝච්චි හදනවලු 1ට 1ක් ලාභ තියනවලු මොනවද ටයිටේනියම් ඩයොක්සයිඩ්ද මන්දා (ඒක විරංජනයක්ලු) දාලා මල් පෝච්චි ලස්සනට ෆිනිෂින් කරනවාලු පස්සේ විකුනනවලුඔය වගේ අලුත් අදහස් .. තියනවනම් ඒවත් වටිනවා  


5.වාහන නැවැත්වීම සඳහා පාර්කින් එකක් 

තමන්ට ඉඩමක් තියනවනම් ප්‍රධාන මංසන්ධියක  කිසිදු වියදමක් යන්නේ නැ ..මේ සදහා වාහන පාර්ක් කරන්න දීලා  දවසකට ගාස්තුවක් ගන්න ...

නොමිලේ සල්ලි හම්බෙනවා කියන්නේ මේවාට ..  

අමුතු අමුතු දේවල් කරන්න එතකොට වැඩිලාභයක් ගන්න පුලුවන් ....

තව තව ඒවා කිව්වොත් වෙලාව යනවනේ ..පොස්ට් එක දිග වැඩි වෙනවනේ  අන්තිමේට


6.අන්තරජාලයෙන් මුදල් ඉපයීම

මේක ලංකාවේ දැනට සාර්ථකව කරගෙන යනවා හැබැයි තියන ප්‍රශ්නය ...ගොඩක් දෙනෙකුට මේක අල්ලගෙන යන්න බැරි එක ..ටික කාලෙකින් වැටෙනවා ...

එහෙම නැතුව ක්‍රමයක් ඇතුව කරනවා නම් මේක හොද බිස්නස් එකක්අපේ එවුන්ගේ තියන මතයනේ සල්ලි හම්බෙනකොට බල්ලෝ මරලා හරි සල්ලි හොයන යාන්ත්‍රණය අන්න එතෙන්ට  ගියාම හොර වැඩ කරලා රටේ නමත් කාලා පස්සේ යන එවුන්ටත් කෙලවලා තමන්ගේ ඒවටත් කෙලවා ගන්නවා .... අන්න ඒ අයට තමා පැවැත්මක් නැත්තේ ......

අන්තර්ජාලය හරහා මුදල් හොයන ක්‍රම ගොඩක් තියනවා මම කියන්නේ මුලික කරැණු ගැන විතරයි 

1. ගුගල් ඇඩ් සෙන්ස් සහ යුටියුබ් විඩියෝ වල ඇඩ් දැම්ම

2.දැන්වීම නරඹා මුදල් සෙවීම

3.අන්තර්ජාලය හරහා විකිණිම හා මිලදී ගැනීම

4.ෆොරෙක්ස්

5.ෆ්‍රිලාන්සර්

වි‍ශේෂයෙන්ම ඔය පත්තර වල දාන ඇඩ් වලට සල්ලි ගෙවලා එක එක පාඨමාලා හදාරපු අය නම් ගොඩ ගිහින් නැ.. තමන්ටම තනියෙන් පුලුවන් මේ ගැන අධ්‍යනය කරන්න අපරාදේ සල්ලි ඕවට මගෙන් අහන්න මම දන්න දේ කියලා දෙන්නම් ...

ප්‍රධාන වශයෙන් ඕවා තමා කොටස් වෙන්නේ ..බලමු මේ කොටස් ගැන පැහැදිලිව

1.ඇඩ්සෙන්ස්   

රෑපවාහිනි ආයතනයක මොකද වෙන්නේ බලමු එයාලා තමන්ගේ වැඩසටහනක් ඇතුලත දැන්වීම් දාලා දැන්වීම දෙන ආයතනයෙන් මුදල් අයකරගන්නවා ... ඉතින් අපිත් අපේ රෑපවාහිනි ආයතනයක් පටන් ගත්තනම් අපිටත් දැන්වීම් අරන් සල්ලි හොයගන්න පුලුවන්

අන්න ඒ වගේ අපිත්  හදන්න වෙනවා අපේම කියලා වෙබ්සයිට් හෝ යුටියුබ් චැනල් එකක්  ඉතින් එ්ක හැදුවා කියලා වැඩක් නැ ..ඒක ජනප්‍රිය වෙබ් සයිට් එකක් කරන්න වෙනවා ..   උදා- ෆේස්බුක් වගේ

ඒ වගේ නම් නෙවේ තරමක් දුරට ජනප්‍රිය කරගන්න ඕනි ..ඒක තමන්ගේ හැකියාව
එක එක වර්ගයේ ලිපි අවම සතියකට සැරයක් වත් යාවත්කාලීන කරන්න ..

ප්‍රේක්ෂකයන්ගේ සිත ඇඳ බැද ගත් තොරතුරැ ඉදිරිපත් කරන්න..

මම හිතන්නේ අදටත් සිංහලෙන් ලියන බ්ලොග් නැත්නම් වෙබ් සයිට් වලට ගුගල් ඇඩ්සෙන්ස් ලබා දෙන්නේ නැ ..නමුත් www.bidvertiser.com වැනි ඒවගෙන් ඇඩ් ලබාගන්න පුලුවන් නමුත් මුදල් ලැබීම අ‍ඩුයි ඒ නිසා හොඳම වැඩේ කොහේ හරි තියන ඒවා කොපි පේස්ට් පාරක්වත් දාලා දන්න ඉංග්‍රිසියෙන් වැඩේ පටන් ගන්න එක ... පස්සේ SEO යොදා වෙබ්ලිපිනයට එන අය වැඩි කරගන්න(ට්‍රැෆික්) ගන්න එක එක දේවල් කරගන්න පුලුවන් .. ඒවා කියනවනම් වෙනම ඇඩ්සෙන්ස් ගැන කියන්න වෙනවා

 ඒ වගේම යුටියුබ් වැනල් පටන් අරගෙන ඒකට තමන්ගාව ඇති ජනප්‍රිය වීඩියෝ ඇතුලත් කරලා ඒවට ලයින් කමෙන්ට් වැටි ප්‍රශස්ථ මට්ටමක තියනවනම් ඒ වීඩීයෝ යන අතර අපට ඇඩ් දාලා ඒවගෙන් මුදල් උපයන්න පුලුවන් උදා- මම දැක්කා ලගදී දාලා තියනවා ලංකාවේ කෙනෙක් තෙල් බවුසරයක් යු ටර්න් එකක් ගන්නවා ...ඒක ගොඩක් ජනප්‍රිය උනා ඉතින් ඒ වගේ අලුත් දේවල් දැම්මොත් කල්ල මරේ ..

අවසාන වශයෙන් මේ ඇඩ්සෙන්ස් කියන්නේ තමන්ගේ වෙබ්සයිට් එක හෝ චැනල් එක ජනප්‍රිය උනාම නිකන්ම සල්ලි ලබාදෙන උල්පතක්. නිකන් රැපවාහිනි චැනල් එකක් ජනප්‍රිය උනාම නිකන්ම ඇඩ් එනවා වගේ .. තියන ප්‍රශ්නය මුල් කාලේ මේක ජනප්‍රිය කරගන්න වෙහෙසෙන්න වෙනවා යාලුවනේ

සැලකිය යුතුයි- ඇඩ් දැම්මා කියලා සල්ලි හම්බවෙන්නේ නැ ඒ ඇඩ් යන අතරේ කාගෙන හරි ක්ල්ක් වෙන්න ඕනි  අන්න ඒ ඇඩ් එක ක්ලික් වෙන තරමට අපිට සල්ලි හම්බවෙනවා .. ඒ අතරේ මෙහෙම කතන්දරයකුත් තියනවා ඇමරිකාවේ කෙනෙක් ඇඩ් එකක් ක්ලික් කරොත් ඒ ක්ලික් එකට වැඩි මුදලක් හම්බවෙනවා ලංකාවේ කෙනෙක් ඒකම කරොත් අඩු මුදලක් ලැබෙනවා .. එක එක රටවල් වල ඇති ආර්ථික තත්වයන්ට හා මිනිස්සු වැඩ වසන ප්‍රතිශතය  අනුව තමා වෙනස් වන්නේ .

ඔන්න අපේ කෙනෙකුට හිතෙන්න ඇති ඇඩ්අපිම දාලා අපිම ක්ලික් කරමු කියලා එහෙම කරොත් අහුවෙනවා පස්සේ ඇඩ්සෙන්ස් ගිණුමත් සස්පෙන්ඩ්(අක්‍රිය)  කර ගන්න පුලුවන් .


2.දැන්වීම නරඹා මුදල් සෙවීම 

මේකට තවත් නමක් කියනවා බක්ස් කියලා  ..

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් කැමතිනේ නිකං ඉදන් සල්ලි හොයන්න අන්න ඒ අයට මේක හොදයි, ඇඩ් බැලුවා සල්ලි හෙව්වා .. නමුත් තියන අවුල හම්බවෙන්නේ ඉතා සුලු මුදලක් .. ඒ නිසා සමහර අය කියනවා මේකෙන් සල්ලි හොයන්න බැ කියලා .. හොයන්න පුලුවන් නමුත් සෙමින් . ඒ නිසා පුරැදු වෙන කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට මේක කාලෝචිත නැතැයි මගේ හැගීම .


උදා- NEO BUX වැනි වෙබ් සයිට් වලින් 


3.‍හුවමාරැ(SHARE)කිරීමෙන් මුදල් සෙවීම

දන්නවනේ සමහර වෙබ් අඩවි තියනවා තමන්ගේ වෙබ් අඩවිය සතු තොරතුරැ අපගේ ෆෙස්බුක් ට්විටර් ගුගල් ප්ලස් ...තවත්

එවැනි සමාජ ජාල වෙබ් අඩවි වල අපේ ඇති ගිණුම් වලින් ප්‍රචාරණය කිරීම වෙනුවෙන් මුදල් හෝ තෑගි නොමිලේ ලබා ගැනීම

.උදා-tomtop.com මවුස් පෑඩ් එකක් ගෙන්න ගන්න පුලුවන් ..       
       www.solrepublic.com එකෙන් අදලා පොයින්ට් ලබාගෙන ටීෂර්ට් ,හෙඩ්සෙට්,වයර්ලස් හෙඩ්සෙට් වැනි ඉතා වටිනා උපකරණ නොමිලේ ගෙන්නවා ගත හැක ..  

තවත් ඔය වගේ සයිට් නම් තියෙනවා මම හැන්ඩ්ෆ්‍රි සෙට් එකක් ගෙනාවා ඔය වගේ වෙබ් සයිට් එකකින් .. ඒ පිලිබද විස්තර දැම්මා 2012 10 මාසේ විතර දැන්නම් මතක නැ 
මම මුලින් කිව්ව සයිට් 2න් මට භාණ්ඩ ලැබිලා තියනවා ඒ නිසා කිසිම අවිශ්වාසයක්  තියාගන්න එපා ඕවා කරාට එයිද නැද්ද කියලා.

තවත් සයිට් තියනවා එය‍ාලගේ තියන ඒවා ප්‍රමෝෂන් කර‍ාම කූපන් කෝඩ් දෙනවා .. තව එයාලගේ සයිට් එකෙන් භාණ්ඩ ලබාගැනීම සඳහා මුදල් ලබා දෙනවා ..තව අලුත් අය ඒ සයිට් එකට අපි එක්කරාම(refferal ) ,ලැබෙන මුදලින් භාණ්ඩ ලබා ගන්න පුලුවන් 

උදා-buyincoins.com 


මට හිතෙන්නේ ලිපිය දුරදිග යනවද කොහේද කොහින්ද නවත්තන්නේ කියලා හිතාගන්න බැ ඔක්කොම කියන්නත් වෙනවා නැත්නම් කියවන කෙනාට නොතේරෙන නිසා .. ඒ නිසා මේ ලිපිය හැම කෙනාගෙම අතට යවන්න ..අලුතින් ෆේස්බුක් එකතු වුනු අයට උසස්පෙළ කරලා හා සාමාන්‍ය පෙළ කරලා ගෙදර වෙලා ඉන්න නංගිලා මල්ලිලාට මේවා දැනගෙන අපේ රටට විනිමය කීයක් හරි ගේනවනම් තොච්චර දෙයක්ද ..ඔවුන් වෙත මේ දැනුම ලබා දීම ‍කොච්චර පිනක්ද නේද ....

ඊලගට තියෙන්නේ    ලකෂපතියෝ කෝටිපතියෝ බිහිකරන ඊ මනි සෙල්ලමේ මාතෘකා 3 න ඊට අමතරව පොඩි විස්තරයක් දෙන්නම් ඔන්ලයින් බැංකු ගිණුම් හා කාඩ් ගැන .  


4.ෆොරෙක්ස් (FOREX) 


FOREX අර්ථය FOREIGN EXCHANGE විදේශය විනිමය

සරළව කිව්වොත් විදේශ විනිමය හුවමාරැ  වන අකාරයට අපි මුදල් යොදවා ලාභ ලබාගැනීම (ඒක තමා අරමුණ නමුත් පාඩු වෙන්නත් පුලුවන්) තේරෙන්න නැතුව ඇති උදාහරණයක් බලමු 

දන්නවනේ ලංකාවේ තියනවා මුදල් ජාතියක් රැපියල් කියලා .. අන්න ඒ වගේ අැමරිකාවේ තියනවා ඇමරිකානු ඩොලර් කියලා එකක් නේද? ඔන්න ඕක හැමදාම එක විදිහට තියෙන්නේ නැනේ එහා මෙහා වෙනවනේ  නේද දැන් ඔය ඩොලර් කියන එක අඩුවෙන වෙලාවට  අපිගන්නවා ඩොලර් 10000ක් හරි  ඊට පස්සේ අපි වැඩිවුනු වෙලාවකට 3% වුනා කියමුකෝ ඔන්න ඔය වෙලාවට වික්කා  එතකොට ලාභය නිකන් ඉදන් ඩොලර් 300යි නේද... රැපියල් 40000 විතර ... ඔන්න ඕකයි

ඔබද කෝටිපත් මමද කෝටිපත් කියන්නේ .. හැබැයි ඕක අනිත් පැත්තට ගියොත්

ඔබද හිගන්නා මමද හිගන්නා විය හැක .. ඕකෙන් එකක් හරි මොකද ලියන මම හිගන්නෙක් නිසා ... ඕක තමා සරළව  මේකේ වෙන සංසිද්ධිය .. මේකත් කොටස් වෙළද පල වගේ තමා .. ඒක ගැනත් මම වෙනම  කියන්නම් මේ විෂයට යන්න ඕනි හොඳට ඉ‍ගෙන ගෙන තමා ..නැත්නම් අර පරණ කියමනක් තියෙන්නේ දැනගෙන ගියොත් කතරගමනොදැන ගියොත් අතරමග කියලා  


කොළඹ කොටස්වෙළද පල ..

කොටස් වෙළදපල කියන්නේ මේ සංසිද්ධියම තමා ..

යම් කිසි ආයතනයක් තමාගේ ඉදිරි වැඩකටයුතු සපුරාගන්නට ප්‍රග්ධනය සොයා ගන්න තමන්ගේ ආයතනයේ යම් කිසි ප්‍රමාණයක් ඉතා කුඩා කොටස් වලට කඩා විකුනනවා .. ඉතින් ඒ කොටසකට ලාභාංග ගෙවනවා ..  
ඒක නෙවේ  මේකේ වැඩිපුර ලාභ ලබන්න පුලුවන් ඒ ආයතනයට තියන ඉල්ලුමත් එක්ක කොටස්වල මිල ඉහල යනවා ..ඒවගේම පහල යනවා පහල යනකොට මිලදී අරන්  වැඩිවෙනකොට වික්කනම් සල්ලි තමයි ...මේකටත් කොටස් තැරව්කරැවෙක් හරහා යන්න ඕනි  ..කැමති කට්ටියට බහින්නපුලුවන් වැඩේට ...


5.ෆ්‍රි ලාන්සර්(freelancer)         

 ලංකාවේ වැඩි දෙනෙකේ මුදල් හොයන ප්‍රධාන ක්‍රමයක් තමයි මේ. සරළව කිව්වොත්

උදා- කව්රැහරි කෙනෙක් කිව්වොත් මට බැනර් එකක් හදලා දෙන්න කියලා ඔයාලා මොකක් හරි මෘදුකාංගයක් එක්කෝ අඩෝබේ මොකක්හරි එකක් කොරල්ඩො එකක් වගේ පාවිච්චි කරලා හදලා දීලා එයාගෙන් මුදල් ගන්නවා .. අන්න ඒ වගේ වැඩක් වෙන්නේ
කව්රැහරි පිටරටක කෙනෙක් අපිට කියනවා මට මෙන්න මේ වගේ අවශයයි බැනර් එකක් හදන්න ඒක හදලා දෙන්න කියලා . ඉතින් අපි කිව්වවගේ මොකක් හරි මෘදුකාංගයක් පාවිච්චි කරලා හදලා දීලා එයාගෙන් මුදලක් ගන්නවා .ඔච්චරයි කතන්දරේ ..

ෆ්‍රි ලාන්සර් වෙබ් සයිට්

ඔඩෙක්ස් ෆයිවර් ඩියසින්ක්‍රවුඩ් එස්සීඕ ක්ලාක් තවත් ආදී....

මේ වගේආයතන වල විවිධ ආකාරයට මුදල් හොයන ක්‍රම තියනවා ..

තමන්ට කරන්න පුලුවන් මොකක් හරි වැඩක් තියනවානම් දිගටම කරගෙන යන්න පුලුවන් ..

මේකෙන් ජනප්‍රිය සයිට් එක ෆයිවර් මොකද ඒකේ කෙරෙන්නේ අපි මොකක් හරි කරන්න පුලුවන් දෙයක් දාපුවාම .. ඒවා අවශ්‍ය අය අපිට ඇණවුම් එවීමයි ..

උදා- මට පුලුවන් ආකර්ශණීය බැනරයක් හදන්න .. ඉතින් බැනර් එකක් හදාගන්න අවශ්‍ය කෙනෙක් අපිට ඇණවුමක් දෙනවා පසුව අපි එයාට අවශ්‍ය විදිහට කරලා දෙනවා ...පසුව එයා අපිට මුදල් ගෙවනවා අපි ඒක ගන්නවා ..  අද ලංකාවේ ගොඩක් ඉන්නවා මේකේ ටොප් රේටඩ් අය ..
මොනවද මේවාගේ කරන්න පුලුවන් වැඩ  
1.බැනර්, ලොගේ ,කටවුට්, පින්තුර වැනි දේවල් හදලා දෙන්න හෝ එඩිට් කරලා දෙන්න පුලුවන්
2.වීඩියෝ ක්ලිප් එකක් හදන්න කොපි රයිටින් කරන්න
3.මෘදුකාංගයක් හදාගන්න ඇනිමේෂන් හදාගන්න පුලුවන්
4.කාටුන් අදින්න පුලුවන් නම් හොදට ඩාන්ස් කරන්න සින්දු කියන්න පුලුවන් මේකේ විකුනන්න පුලුවන්
5.අය වේබ් සයිට් අවල අවශය ට්‍රැෆික් දෙන්න (එස් ඊ ඕ) කරන්න ඒවට අවශය ලයික් අරන් දෙන්න පුලුවන් නම් තවත් වටිනවා


අන්තිමේට කියනවනම් තමන්ට පුලුවන් මොනවහරි හැකියාවක් තියනවනම් විකුනාපල්ලා සල්ලි තමා මල්ලි ...

නමුත් ඔඩෙක්ස් වගේ ඒවගේ වෙන්නේ ඕඩර් දාලා තියනවා අපිට කරන්න පුලුවන් ගානත් එක්ක ඔඩර් එක අයිති කරැට විස්තරය මැසේජ් කිරීම ...

ඉතින් එහෙම ඇණවුමක් ගන්න  ඒකේ තියන විභාග (ඔන්ලයින්) පාස් වෙන්න ඕනි ... ඒක කරදර නිසා අපේ අලුත් අය අර වගේ ක්‍රමයකට යනවා ..මොකද එතකොට වෙන්න අපිනේ කරන්න පුලුවන් වැඩේ දාලා තියෙන්නේ එතකොට එක්සෑම් ඕනි නෑ ..


ෆ්‍රි ලාන්සර් වලින් කොහොමද මුදල් ලංකාවට ගේන්නේ?

 ඔබට පේ පැල්(ජාත්‍යන්තර බැංකු ගිණුමක්) හරහා  මුදල් ගෙන්වා ගන්න පුලුවන් නැත්නම් පේඕනිර් කාඩ් එකෙන් සල්ලි ගන්න පුලුවන් ... නැත්නම් ස්ක්‍රිල් වලින් සල්ලි ගන්න පුලුවන් (මනි බ්රැකස්)

ඒවා ගැන තොරතුරැ ඕනි නම් මේ මේ වෙබ් සයිට් එකට ගිහින් බලන්න ..


ඒකේ ගිණුම් හදාගන්න විදිහ දාලා තියනවා ..

6.අන්තර්ජාලය හරහා මිලදී ගැනීම් විකිණීම් කිරීම

දන්නවනේ අද ගොඩක් අය භාණ්ඩ ගේනවනේ එක එක වෙබ් සයිට් වලින්

1.ඇමේසන් .ඊබේ .බයිඉන්කොයින්ස්,ටී මාර්ට්,අලි බබා,අලිඑක්ස්ප්‍රස්,ඩිඑක්ස්,ඩිඑච් ‍ගේට්

ඔන්න ඔය වගේ වෙබ් සයිට් වලින් අඩුවට අරන් මෙහේ ගෙනල්ලා(අදාල රේගුබදු මුදල් ගෙවලා) වැඩියෙන් විකුනන්න පුලුවන් ...

2.නැත්නම් ලංකාවේ තියන ඒවා පිටරට යවලා ලාභ ගන්න පුලුවන්

උදා- කුළු භාණ්ඩ .කිතුල් හකුරැ 

3. නැත්නම් ගාන අඩු වෙබ් සයිට් එකකින් අරන් ගාන වැඩි එකක ඒක දාලා විකුනන්න පුලුවන් ... ඔය මොන එක කරලා හරි සල්ලි හොයන්න පුලුවන් දෙයියනේ .. ඇයි දෙයියනේ අපි බෑ කියලා කම්මැලි වෙලා  ගෙවල් අස්සට ගුලි වෙලා ඉන්නේ නැතුව පටාන් ගන්නකෝ මේ වගේ වැඩාක් ..

මේ ගැන වැඩි විස්තර දැන ගන්න මේ වෙබ් සයිට් එකට යන්න


එහෙනම් අදට ඇති ..

 අවසානයට කියන්නම් මෙහෙම ...

යාලුවෙක් මගෙන් අහනවා මචන් මම ඊමනී කරන්නේ මට බැරිද බන් ලකෂ 02 ලොන් එකක් ගන්න බැංකුවෙන් මට සල්ලි ආපු ස්ටේට්මන්ට් මම පෙන්නනම් ... දෙයිද?

නැ දෙන්නේ නැ... බැංකුව බලන්නේ ස්ථීර ආදායමක් සහිත පුද්ගලයෙක් එතන මේ ඉන්‍ටර්නෙට් හරහා මුදල් හොයන අය අතරේ පිලිගැනීම කියන්න එක කොස්සක් .. නමුත් මම හිතනවා

2020 වෙන කොට ලංකාවේ වැඩිම ආර්ථික විනිමය ගේන්නේ මේ හරහා බව ..අද කී දෙනෙක් දවසට ඩොලර් ලංකාවට ගේනවද දන්නවද? පිටරටක ඉඳන් වැඩකරලා එනකෙනාට තීර බදු රහිතව තමන්ගේ පාවිච්චි කරපු වාහනය ගේන්න දෙනවා ?

එක එක බැංකු වලින් රටින් සල්ලි එවන අයට තෑගි දෙනවා .. ඔවුන්ගේ ළමයින්ට විශේෂ ශිෂ්‍යත්ව දෙනවා .. විවිධ සුභසාධක දේවල් කරනවා ..

අම්මා තාත්තා රට ඉන්න කෙනෙක්ගේ ළමයින්ට ඉතුරැම් ගිණුම් වලට වි‍ශේෂ වරප්‍රසාද දෙනවා....

ඒ මන්ට රටෙන් 52% ක් විනිමය ගේන්නේ මේ රට ඉඳලා වැඩ කරන අය නිසා ...

*හැබැයි කට්ට කාලා මහන්සිවෙලා ජරා දුක් විඳලා ලංකාවේ ඉදලා දුක් මහන්සියෙන් ඉන්ටර්නෙට් බිල ගෙවාගන්න බැරි අපිට, මේවා නෙවෙයි පේ පැල් සහය වත් නෑ...

එතකොට අපි ගේන්නේ විනිමය නෙවේද? ප්‍රශ්නයක් නේද?   ප්‍රශ්නයට විසදුම් ඉදිරියට ලැබෙයිද බලමු?  

එහෙනම් අපි ගියා සියලු දෙනාට තෙරැවන් සරණයි ..

මමත් කාර් එකක් ගත්තා ලකෂ 19 දීලා සල්ලි දීලා මයි ගත්තේ අවු 2 කින් දැන් ගේ වැඩ ටිකක් තියනවා ඒක කරනවා ඒකට සල්ලිත් හරි ඔක්කොම කරගත්තේ ඊ මනී වලින් තමා ..


මම කරේ ජංගම දුරකථන ගේන එක තමා පස්සේ රෙපෙයාරිනුත් ටිකක් ඉගෙන ගත්තා පස්සේ සල්ලි හෙව්වා  ඉස්සර දවස් 30 ගෙදරට වෙලා ආතල් එකේ කකා බිබි ඉන්නවා සතියකට හෝ සති 2 සැරයක් කුරැණැගල ගිහින් රෙපෙයාර් කරන ෆොන් වලට අවශය අයිතම ගේනවා මසෙකට හො මාස 2 සැරයක් රේගුවට යනවා .. අන්තිමේට රේගුවට ගියේ ගිය අවුරැද්දේ පෙබරවාරි වල පස්සේ ආය ගියේම නෑ..ළගදි යන්න වෙයි .. ඉතින් ඔන්න මම අවු දෙකකින් වාහනයකුයි ගේයි හදාගත්තා ඔයාලත් උත්සහ කරන්න ..


මගේ ක්‍රමය නෙවේ ඔයාලගේම ක්‍රමයක් හදාගන්න අනිවාර්යයෙන් ඔයාලා දියුණු වේවි..

ජයවේවා !
ඇඩ්මින් 
සිංහලෙන් ඊබේ ...
උදිත චතුරංග 0716505000
 ( සති අග දවස්  2  ඇමතුම් ගන්න සති‍යේ දවස්වල සවස 5න් පස්සේ ගත්තොත් වඩාත් හොඳයි)

ඔන්න එහෙනම් exam එහෙම ඉවර වෙලා හා හා පුරා කියලා බ්ලොග් එක පැත්තේ ආවා අලුතෙන් මොනව හරි කියල දෙන්න කියලා . දන්න පොඩි  දේ  හරි අනිත් අයට කියල දෙන එක ලොකු පිනක් කියනවනේ .

ලංකාවේ ගොඩාක් අය දැන් පුරුදුවෙලා ඉන්නේ ගොඩක් දේවල් බ්ලොග් වලින්ම  කියවලා  කරන්න . මොකද බ්ලොග්ස් වල අපේම එකෙක් අපේම බශාවකින් සරලව හැමදේම පැහැදිලි කරන නිසා . ඔන්න ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අද ඉදන් ebay ගැන අපි දන්නා දේවල් ඔයාලට තේරෙන විදිහකට කියල දෙන්න .

අද කියල දෙන්න කියල  ආවට අදට මම ebay එකේ පසුබිම විතරක් පැහැදිලි කරන්නම් .

ebay කියන්නේ මොකද්ද?

ebay කියන්නේ අන්තර්ජාලයේ තියෙන කඩයක් . ඇත්තටම කිවොත් මේක අපි හැමෝටම අයිති ලොකුම ලොකු කඩයක් . උවමනාවක් තියනවනම් හැම කෙනෙකුටම සල්ලි හොයන්න පුළුවන් . ඔයාගේ කඩ කෑල්ලට එන මනුස්සයාට ඒක විකුණගන්න එක ඔයාගේ වැඩක් . එත් මේ කඩේට අපිට ඇති පදම් මිනිස්සු ebay එකේ ය ගෙන්නලා දෙනවා .

ඇත්තටම ebay එකෙන් සල්ලි හොයන්න පුලුවන්ද ?

ඔව් . ඇත්තම කිවොත් අපේ කොල්ලෝ කෙල්ලෝ හරි ආසයිනේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න . අනේ ඉතින් දවස තිස්සෙම ad click කර කර ඉන්නවට වඩානම් මේක සෑහෙන්න සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් . ඔයා මාසයක් විතර ad click කරලා හම්බ කරන ගාන මේකෙන් එක item එකක් විකුණලා හොයන්න පුළුවන්.

දවසකට කොච්චර වෙලා වැඩ කරන්න ඕනද?

ඇත්තටම ebay කියන්නේ අපි ගිහින් වැඩ කරන කඩයක් නෙමෙයි . අපිට කරන්න තියෙන්නේ කඩේ ඉස්සරහින් බෝඩ් එකක් ගහන එක විතරයි. ඒ කියන්නේ මෙහෙමයි. ඔය විකුනන්නේ පැන්සලක්නම් ඔය කඩේ ඉස්සරහින් බෝඩ් එකක් ගහනවා මගේ ගාව පැන්සල් තියනවා $1 ගානේ . කැමති කෙනෙක් ඉන්නවනම් ගන්න කියල . ( උදාහරණයක් කීවේ ). ඒ නිසා ඔයාට උපරිම දවසකට පැයක්වත් මේකේ රැදිලා ඉන්නේ නැතුව සල්ලි හොයන්න පුළුවන් .

ebay වල හොර බොරු වංචා එහෙම තියනවද?

කවුරු හරි කෙනෙක් හොරයක් බොරුවක් කරලා කාගෙන් හරි සල්ලි ටිකක් කඩාගන්න ebay පැත්තේ යන්න ඉන්නවනම් ඒ අදහස අතහැර ගත්තොත් තම හොද . මොකද ebay කියන්නේ ඉතාමත් අනර්ග තත්වයේ විශ්වාසයකින් වැඩ කරන තැනක් . ebay එකේ නීති තියනවා. ඒවා පස්සේ කියල දෙන්නම්කො.. දැනට මතක තියාගන්න එබය් ගිහින් හොර බොරු කරන්න බෑ කියල . එහෙම කලොත් සමහර විට එයට අයෙමත් කවදාවත් ebay ගනුදෙනු කරන්න බැරි වේවි .

ඔච්චර හොදනම් ඇයි ගොඩක් අය ebay එකේ භාණ්ඩ විකුනන්නේ නැත්තේ?

මටත් තේරෙන්නේ නැති දෙයක් තමයි ඒක නම් . මම හිතන විදිහටනම් මේක ලංකාවේ මිනිස්සුන්ගේ කම්මැලි කමත් එක්ක එන ප්‍රශ්නයක් . මොකද ebay එකේ භාණ්ඩයක් විකුණගන්න කලින් කරන්න වැඩ කොටසක් තියනවා. පොඩි පොඩි වැඩ. card එකක් හදාගන්න. ebay acc එකක් හදාගන්න වගේ ඒවා . ඒවටත් කම්මලිනම් වැඩේ අත්හැරලා දාන්න.  තවත් සමහර අය බයයි . කිසිම හේතුවක් නැහැ බයවෙන්න . මේක කොහෙවත් තහනම් දෙයක් නෙමෙයි . එත් ebay එක ඇතුලෙදි සමහර භාණ්ඩ විකුනන්න අපට අයිතියක් නැතිවෙන්න පුළුවන්.

සල්ලි ගත්ත අය ලංකාවේ ඉන්නවද?

අපෝ ඔව් ඕන තරම් ඉන්නවා . උදාහරණයක් විදිහට මම . හි හි ..  මෙහෙමයි . paypal acc එකක් හරහා තමයි අපි සාමාන්‍යයෙන් ebay ගනුදෙනු කරන්නේ . මොකද්දෝ මන්ද හුට්ටප්පරයක් හින්ද paypal එකේ තියන සල්ලි ලංකාවේ අපිට withdraw කරන්න බැහැ බැංකු වලින්. එත් එඉකටත් ක්‍රම තියනවා . උදා : අපි $ ස් ඕන කෙනෙකුට paypal එකෙන් සල්ලි trasfer කරලා එයාගෙන් LKR ඉල්ලගන්නවා . ඕවා එච්චර හිතන්න දේවල් නෙමේ .

පැයක් එක දිගට වැඩ කලොත් කියක් විතර හම්බ කරන්න පුලුවන්ද?

එහෙම හම්බ කරන්න මේක ත්‍රි විල් එකක් නෙමෙයි . මේක කඩයක්. ගොඩක් මිනිස්සු ගැවසෙන ලොකු කඩයක්. ඔයාගේ marketing දැනුම සහ ඔයා විකුණන භාණ්ඩ වලට පරිබෝගිකයාගේ තියන කැමැත්ත අනුව ඔයාට හම්බ කරන්න පුළුවන් ගැන වෙනස් වෙනවා .

අලාබ වෙන වෙලාවල් තියනවද?

කඩයක් කරනවානම් ලාභ වගේම අලභාත් විද දරාගන්න වෙනවා . එත් මහා ලොකු අලාභ වෙන්නේ නෑ කියලනම් 1000% ක් sure.  ඔයාගේ භාණ්ඩයට මිලක් නියම කරන්නේ ඔයා . ඒක මොලේ ඇතුව කලානම් ඇල්බ වෙන්නේ නෑ කවදාවත්ම .

මම ලග විකුණගන්න දෙයක් නෑනේ .

හි හි .. ඔය ලග විකුනන්න මොකුත් තියෙන්නම ඕන නෑ . වෙන මිනිස්සුන්ගේ ඒවත් අපිට අපේ වගේ විකුණගන්න පුළුවන් විදි තියනවා . ඒවා හිමිට කියල දෙන්නම්කො..

අපේ බ්ලොග්  එක කියවල කවුරු හරි ebay එකේ වැඩකාරයෙක් වෙනවනම් ඒක තමයි අපේ සතුට .
තව ප්‍රශ්න මොනවහරි තියනවනම් අහන්න. ලිපිය හොදයි කියල හිතෙනවනම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා .  හදිස්සි වෙන්න හදන්න එපා ebay එකේ බදු විකුනන්න . මොකද ලෝභ කම වැඩි උනොත් වැඩි දුරක් යාගන්න බැරි වේවි.

අපේ ඊලග ebay ලිපියත් අරගෙන මම ඉක්මනටම එන්නම් අයෙමත් කස්ටිය හොයාගෙන . එහෙනම් හැමෝටම good luck!

USE ANDROID PHONE AS A WEB CAM

12/20/2014
Posted by Shiranga Ashan
අද අපි කියන්න යන්නේ තමන්ගේ අතේ තියෙන android phone එක webcam එකක් විදිහට computer එකකට connect කරලා use කරන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේකේ තියෙන විශේෂත්වය තමා සාමාන්‍ය webcam එකකට වඩා ගොඩක් වැඩි quality එකක් මේකෙන් අපිට ගන්න පුළුවන් එක.. WiFi, Bluetooth ඒ වගේම USB cable එක use කරලත් මේ වැඩේ කරන්න පුළුවන්.. පහල තියෙන link වලින් මේකට ඕනි PC client software එකයි android app එකයි download කරගෙන ඔයාලත් වැඩේ කරලා බලන්න...

Droid-cam PC client - Download

Droid-cam Android app - Download





ඔන්න අයෙමත් ගොඩ දවසකින් අපි ආවා ලබුකැටෙන් ඔයාල හොයාගෙන අලුත් දේකුත් අරගෙන . campus එකේ වැඩත් එක්ක අලුත් දේවල් අරගෙන එන්න බැරි උනා ටික කාලයක් .

මේකනම් අලුත් කීවට අලුත් දෙයකුත් නෙමෙයි. එත් තවමත් දන්නේ නැති ය ගොඩක් ඉන්නවා කියල හිතුන නිසයි මේ විදිහට පොස්ට් එකකින් දැනුවත් කරන්න හිතුනේ .
ගොඩ දවසක ඉදන් ලංකාවේ අපි බලාන හිටපු Google translater සේවාව දැන් අපිට ලැබිල තියනවා . දැනටමත් මේක ලංකාවේ බොහෝ දෙනෙක් පවිච්චිත් කරනවා .

පොඩි පොඩි වැරදි තිබ්බට මේක english sentense සිංහලට පරිවර්තනය කරන්න හදපු සාර්ථක product එකක් විදිහටයි අපිනම් දකින්නේ.
madura වගේ dictionary අපි පාවිච්චි කලාට මෙච්චර කාලෙකට දිග වාක්‍යයක් එක පරම සිංහලට හරවගන්න අපිට හැකියාවක් තිබුනේ නැනේ. දැන් ඔන්න ඒකත් පුළුවනි .

https://translate.google.com/#en/si/come%20and%20talk%20with%20us. මෙන්න මේකට ගිහින්ම බලන්නකෝ..



"Windows is not Activated, Your product is not Licensed " මේ වගේ warning වලින් ඔබත් කරදර විදිනවද? 




"Windows is not Activated, Your product is not Licensed " මේ වගේ warning වලින් ඔබත් කරදර විදිනවද? .Windows 8, Windows 8.1 , Microsoft Office 2013 යන මෘදුකාංග නොමිලේ අපට ලබාගත නොහැක. ඒවා මිලදී ගෙනිමට තරම ලංකාවේ අපිටටත් වත්කමක් නැහැ.ලංකාවේ විතරක් නෙමෙ ලෝකයේ බොහෝ රටවල් වල මේ ගෙටලුව තියෙනවා.ඒ හින්ද තමා විවිද පුද්ගලයින් හා  ආයතන මගින් මෙම මෘදුකාංග Licence Product එකක් විදියටම  භාවිතා  කරන්න පුළුවන් විදියට විශේෂිත වූ මෘදුකාංග (crack ලෙස අපි හදුන්වමු) නිකුත් කරන්නේ.අපිට අදාල මෘදුකාංගය නිවැරදී පරිදි install කරගෙන පහත සදහන් මෘදුකාංගය install කිරමෙන් එය Licence product එකක් ලෙසට භාවිතා කල හැක .අද මා ඉදිරිපත් කරන මෘදුකාංගයේ විශේෂත්වය වන්නේ ,මේක install කල පසු update කිරීමද ඔබට කල හැකි වීමයි.

Click here For download

ඉහත සදහන් link එකෙන් file එක download කරගෙන install කරගන්න. 


EASY WAY TO HIDE YOUR COMPUTER PARTITIONS

4/20/2014
Posted by Shiranga Ashan



අද මම කියන්න යන්නේ පහසුවෙන් Widows වල සම්පුර්ණ Drive එකක්ම Hide කරගන්න විදිහක් ගැන...

01. මුලින්ම run එකට ගිහින් "diskpart" කියල type කරලා ok කරන්න...



02. දැන් "list volume" කියල type කරන්න...



03. එතකොට එන list එකෙන් අදාල number එක තෝරගෙන "select volume n" කියල type කරන්න.. (මෙතන n වෙනුවට අදාල number එක දාන්න)

04. දැන් "revome letter x" කියල type කරන්න.. (මෙතන x කියන්නේ Drive එකේ letter එක..eg-revome letter D) 

05. දැන් My Computer ගිහින් බලන්න අදාල Drive එක Hide වෙලා ඇති..

06. Drive එක ආපහු ගන්න ඕනි නම් මුල් පියවර 3 ඒ විදිහටම කරලා "assign letter x" කියල type කරන්න..(මෙතනත් x කියන්නේ Drive එකේ letter එක..eg-assign  letter D)

********************මේක C drive එකට කරන්න යන්න එපා **************************

EASY WAY TO RECOVER DELETED FILES

4/13/2014
Posted by Shiranga Ashan


අද අපි කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතුන දෙයක් ගැන.. සමහර වෙලාවට අපි අතින් අපිට වැදගත් file delete වෙනවා. pen drive එකක හෝ computer එකේ ඕනි තැනක තිබුන file එකක් මේකෙන් ඒ වගේ වෙලාවට ලේසියෙන් recover කරගන්න පුළුවන්.

ඒ වගේම මොකක් හරි file එකක් එහෙම delete වුනා කියල දැනගත්තොත් ඒ file එක recover කරගන්නකම් ඒ drive එකට අලුතින් file දාන්න වත් තියෙන file delete කරන්න වත් එපා. මොකද එකෙන් අර delete වෙච්ච file එක overwrite වෙන්න පුළුවන් නිසා..

file recover කරන software එක මුලින්ම මෙතනින් download කරගන්න...

(3.3mb)

දැන් download කරගත්ත zip file එක extract කරගෙන software එක install කරගන්න... පහල තියෙන screen shots ඔයාට උදව් වෙයි වැඩේ කරගන්න..




උඩින් තියෙන විදිහට ඔයලට delete වෙච්ච files list එක පෙන්නයි.. එතනින් අවශ්‍ය file එකට tic එක දාල recover කරගන්න.. වෙන file location එකක් තෝරාගන්න ඕනි නම් switch to advance mode click කරන්න..


එහෙනම්...මම හිතනවා ඔයාල වැඩේ සාර්ථකව කරගන්න ඇති කියල.. ප්‍රශ්නයක්  තියෙනවා නම් comment කරන්න...
Thank you..


PLAY 2048 GAME ON YOUR PC

4/08/2014
Posted by Unknown

මේ දවස් වල android වල ජනප්‍රියම game එක තමයි 2048 කියන්නේ.. මම හිතන්නේ game එක ගැන වැඩි දෙයක් කියන්න ඕනි නෑ. මොකද ගොඩක් අය දැන් මේ game එකට පිස්සු හැදිලා ඉන්නේ... මේ කියන්න යන්නේ android phone එකක් නැතුව pc එකෙන් online 2048 play කරන විදිහ... මෙන්න link එක.. මෙතනින් ගිහින් play කරන්න... 




Android use කරන අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන දෙයක් ඔන්න අද අරගෙන අවා... මුලින්ම කියන්නම් මේකෙන් කරන්න පුළුවන් දේවල් ටික..

01. Android device එක  touch pad එකක් හෝ keyboard එකක් විදිහට PC එක Control කරන්න පාවිච්චි කරන්න පුළුවන් පුළුවන්..

02. Driving සහ Shooting games g-sensor එක මගින් control කරන්න පුළුවන්..

03. Android device එකේ Screen එක PC එකට share කරන්න පුළුවන්...

මේ වගේ තව ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන්..

දැන් කියන්නම් කොහොමද මේක කරන්නේ කියල.. එකට PC එකට සහ android device එකට software දෙකක් download කරගන්න ඕනි...

මුලින්ම PC එකට මෙතනින් Download කරගන්න...

(once click on skip ad )
android app එක මෙතනින් Download කරගන්න...

(එහෙම නැත්තම් play එකට ගිහින් Monect කියල search කරන්න )

දැන් PC එකට Download කරපු zip file එක extract කරලා එකේ ඇතුලේ තියෙන MonectHost.exe එක run කරන්න..
එතකොට මෙහෙම එකක් ආවොත් මේ විදිහට කරන්න....

දැන් PC එකට install වුන Monect desktop server එක open කරගන්න.. ඒ වගේම ඔයාගේ ප්ක එක සහ android device එක එකම WiFi network එකකට connect වෙලා හරි Bluetooth වලින් connect  වෙලා හරි තියෙන්නත් ඕනි...


දැන් android device එකේ Monect portable app එක open කරගන්න... දැන් ඒකෙ scan host button එක click කරලා ඔයාගේ ප්ක එක search කරගන්න.. එකපාරක් ඔයාගේ PC එක search කරලා sever එකට connect උනාට පස්සේ මේ විදිහට ඔයාට තෝරාගන්න moods 12ක් හම්බවෙයි..

මෙතනින් කැමති එකක් තෝරාගෙන වැඩේ කරගන්න ඔයාලට පුළුවන්.. මේවා එක එක විස්තර කරන්න අවශ්‍ය නෑ කියල මම හිතනවා.. ප්‍රශ්නයක් තිබුනොත් comment එකක් දාන්න..
Thank you..

EARN MONEY FROM ADBLA

3/07/2014
Posted by Shiranga Ashan


අපේ blog එකක් හරි website එකක් හරි කරන යාළුවො ගොඩක් වෙලාවට post එකක් දැම්මම එක FB එකේ group වල publish කරනව.. එහම publish කරන ගමන් අතට මුදලක් හොයාගන්න ක්‍රමයක් ගැන තමා මේ කියන්න යන්නේ..  මේ  site එකේ මුලින්ම ඔයා register වෙන්න ඕනි.. එක එච්චර අමාරු නෑ.. මුලින්ම මෙතනින් site එකට යන්න...


දැන් මේ විදිහට register වෙන්න....



ඊට පස්සේ ඔයා දීපු e mail එකට ගිහින් confirm කරන්න...

දැන් කියන්නම් කොහොමද මේකෙන් සල්ලි හොයන්නේ කියල...

ඔය fb හරි කොහේ හරි publish කරන link එක මෙතනට copy කරලා shrink කරගන්න...


දැන් එතනනින් දෙන link එක වෙනද වගේ publish කරන්න...  එතකොට මේ site එක හරහා තමා කට්ටිය ඔයාගේ blog එකට එන්නේ.. එහෙම 1000ක් ආවම මේ site එකෙන් Rs150 ක් ඔයාට ගෙවනවා.. m Cash, eZ Cash හෝ සම්පත් බැංකුවට සල්ලි සතියකට සැරයක් ගන්න පුළුවන්.. මේ site එකේ හැමදේම වගේ එයාල සිංහලෙන්ම විස්තර කරලා තියෙනවා.. ඒ නිසා වැඩේ ගොඩක් ලේසියි.. 

Blog එකක් නැතත් මොකක් හරි කට්ටියට වදගත් link එකක් share කරලා මේකෙන් සල්ලි හොයන්න පුළුවන්... try කරලා බලන්න.. ප්‍රශ්නයක් තිබුනොත් Comment එකක් දන්න...

ADD COLORS TO YOUR FOLDERS

3/01/2014
Posted by Shiranga Ashan
Tag :


අද මම කියන්න යන්නේ උඩ තියෙන photo එකේ විදිහට folders වලට colors දාගන්න පුළුවන් පහසු ක්‍රමයක් ගැන.. මේකට පොඩි software එකක් ඕනි වෙනවා. මුලින්ම එක මෙතනින් download කරගන්න....


දැන් ඉතින් පුරුදු විදිහට software එක install කරගන්න... ඊට පස්සේ පහල තියෙන විදිහට ඕනිම folder එකක් right click කරලා කැමති color එකක් add කරගන්න පුළුවන්..


ඔන්න එහෙනම් වැඩේ හරි..වැඩේ හොද නම් comment එකක් දන්න අමතක කරන්න එපා... එහෙනම් ගිහින් එන්නම්... Thank you..



අද අපි ඔයාලට ගෙනාවේ අපුරු දෙයක්.. ඔයාලට මතක ඇති අපි කලින් ඔයාලට See You in 20 Years කියල post එකක් ගේනවා.. මේකත් ටිකක් අන්න ඒ එඅගේම වැඩක් තමා.  මේක හරි අපුරු web site එකක්.. මේකට ඔයාගේ සහ ඔයාගේ partner ගෙ photo 2 ක් Upload කරාම Advance face detection  තාක්ෂණය බාවිතා කරලා ඔයාලගේ මුහුණේ හැඩරුවට අදාලව ලස්සන බබෙක් නිර්මාණය කරලා දෙනවා....

මෙහෙම කියනකොට partner කෙනෙක් නැති අය අපිට ඉතින් මේකෙන් වැඩක් නැනේ කියල හිතනවා ඇති.. දුක් වෙන්න දෙයක් නැ. ඕනි නම් ඔයාගේ Partner විදිහට කැමති Celebrity කෙනෙක් තෝරාගන්න අවස්ථාවත් මේ Site එකෙන් අපිට ලබාදෙනවා...  ඔයාලත් try කරලා බලන්නකෝ..  මුලින්ම මෙතනින් site එකට යන්න..


දැන් මෙතනින් මුලින්ම ඔයාගේ Photo එක upload කරන්න....


ඊට පස්සේ ඔයාගේ මුණ මේ විදිහට තෝරලා next කරන්න...


ඊට පස්සේ මේවගේ එකක් එයි ..


මෙතන Upload Partner's Photo තැනින් ඔයාගේ partner ගෙ photo එක upload කරන්න පුළුවන්.. ඒ වගේම මම අර කලින් කියපු විදිහට Celebrity කෙනෙක් ගන්න ඕනි නම් Make babies with celebs  කියන තැන click කරන්න..

මම  Upload Partner's Photo තැනින් යන්නම්... දැන් තියෙන්නේ partner ගෙ photo එක upload කරන්න..



ඊට පස්සේ ඔයාලට  photo එකට හොද frame එකක් සහ බබා ට නමක් දෙන්න පුළුවන්..


මෙතන බබාගේ නම විතරක් දුන්නම ඇති.. ඕනි නම් ඉතින් මේවගෙන් කැමති විදිහක් තොරගන්නත් පුලවන්..
ඊට පස්සේ proceed කරලා තත්පර 10ක් විතර ඉන්න... එතකොට මෙන්න මේ විදිහට ඔයාට ඔයාගේ Cute baby බලාගන්න පුළුවන්... :)


වැඩේ නියමයි නේද..? හැබැයි ඉතින් මේක Face detect කරලා කරන දෙයක් විතරයි.. ඇත්තටම ළමයෙක්ගේ පෙනුම තීරණය වෙන විදිහ මිට වැඩ ගොඩක් සංකීර්ණයි කියල ඔයාල දන්නවනේ.. ඒ නිසා මේක 100 ට කොච්චරක් නිවරදිද කියල නම් මම දැන් නැ. ඒ වුනාට මෙහෙම හරි තියෙන එක හොදයි නේ..? :)

****** මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා බව සලකන්න *******




ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -