Showing posts with label FUNNY. Show all posts

ඔන්න එහෙනම් ආවා දවස් කීපයකට පස්සේ බ්ලොග් එකේ මොනවහරි ලියල යන්න කියල .

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ facebook එකෙන් අපිව unfriend කරපු අයව බලාගන්නේ කොහොමද කියලා . අපේ එවුනුත් ඉතින් කැමතිනේ ඔය එක එක ඒවා ටෙස්ට් කරලා බලන්න නේද. එහෙනම් වැඩේට බහිමු.
බහිමු කීවට පොඩි වැඩයි කරන්න තියෙන්නේ .

හැබැයි මේ වැඩේ කරන්න google chrome browser එක තියෙන්න ඕන.

එහෙනම් මෙන්න මෙතනින් ගිහින් මේ extension එක browser එකට දාගන්නකෝ .

මෙන්න ලින්ක් එක

ඊට පස්සේ browser එක පොඩ්ඩක් රෙෆ්රේෂ් එහෙම කරලා facebook ගිහින් friends කියන ටැබ්  එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලාගන්න පුළුවන් unfriend කරපු අයව ගින්දර වගේ .



පොස්ට්  එක හොදයි වගේනම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා .




අද අපි ඔයාලට ගෙනාවේ අපුරු දෙයක්.. ඔයාලට මතක ඇති අපි කලින් ඔයාලට See You in 20 Years කියල post එකක් ගේනවා.. මේකත් ටිකක් අන්න ඒ එඅගේම වැඩක් තමා.  මේක හරි අපුරු web site එකක්.. මේකට ඔයාගේ සහ ඔයාගේ partner ගෙ photo 2 ක් Upload කරාම Advance face detection  තාක්ෂණය බාවිතා කරලා ඔයාලගේ මුහුණේ හැඩරුවට අදාලව ලස්සන බබෙක් නිර්මාණය කරලා දෙනවා....

මෙහෙම කියනකොට partner කෙනෙක් නැති අය අපිට ඉතින් මේකෙන් වැඩක් නැනේ කියල හිතනවා ඇති.. දුක් වෙන්න දෙයක් නැ. ඕනි නම් ඔයාගේ Partner විදිහට කැමති Celebrity කෙනෙක් තෝරාගන්න අවස්ථාවත් මේ Site එකෙන් අපිට ලබාදෙනවා...  ඔයාලත් try කරලා බලන්නකෝ..  මුලින්ම මෙතනින් site එකට යන්න..


දැන් මෙතනින් මුලින්ම ඔයාගේ Photo එක upload කරන්න....


ඊට පස්සේ ඔයාගේ මුණ මේ විදිහට තෝරලා next කරන්න...


ඊට පස්සේ මේවගේ එකක් එයි ..


මෙතන Upload Partner's Photo තැනින් ඔයාගේ partner ගෙ photo එක upload කරන්න පුළුවන්.. ඒ වගේම මම අර කලින් කියපු විදිහට Celebrity කෙනෙක් ගන්න ඕනි නම් Make babies with celebs  කියන තැන click කරන්න..

මම  Upload Partner's Photo තැනින් යන්නම්... දැන් තියෙන්නේ partner ගෙ photo එක upload කරන්න..



ඊට පස්සේ ඔයාලට  photo එකට හොද frame එකක් සහ බබා ට නමක් දෙන්න පුළුවන්..


මෙතන බබාගේ නම විතරක් දුන්නම ඇති.. ඕනි නම් ඉතින් මේවගෙන් කැමති විදිහක් තොරගන්නත් පුලවන්..
ඊට පස්සේ proceed කරලා තත්පර 10ක් විතර ඉන්න... එතකොට මෙන්න මේ විදිහට ඔයාට ඔයාගේ Cute baby බලාගන්න පුළුවන්... :)


වැඩේ නියමයි නේද..? හැබැයි ඉතින් මේක Face detect කරලා කරන දෙයක් විතරයි.. ඇත්තටම ළමයෙක්ගේ පෙනුම තීරණය වෙන විදිහ මිට වැඩ ගොඩක් සංකීර්ණයි කියල ඔයාල දන්නවනේ.. ඒ නිසා මේක 100 ට කොච්චරක් නිවරදිද කියල නම් මම දැන් නැ. ඒ වුනාට මෙහෙම හරි තියෙන එක හොදයි නේ..? :)

****** මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා බව සලකන්න *******




FILL YOUR DESKTOP WITH WATER

1/26/2014
Posted by Shiranga Ashan
Tag : ,


ඔන්න අද ඔයාලට සුපිරි Animated Wallpaper එකක් ගේනවා.. මේක වැඩ කරන්නේ ඔයාගේ දැනට තියෙන wallpaper එකට උඩින්.මේක දාගත්තම ඔයාගේ Desktop එක වතුරෙන් පිරිලා වගේ පෙනෙයි.... මුලින්ම file එක මෙතනින් Download කරගන්න..




දැන් download වුන zip file එක extract කරලා install කරලා බලන්නකෝ mouse එක පොඩ්ඩක් එහාට මෙහාට කරලා....
ටිකකින් register වෙන්න කියල message එකක් අවොත් මේ විදිහට කරන්න...


මෙතනින් එකක් දාල බලන්න.....

DFMEJ-ICJOK-FCCKH-PCOAK

NCCNO-FCLAK-CONJI-DDHDJ

HFCCG-KEECE-EGNBJ-POMHA

09MJP-J393J-L3LL2-H510I 

B2L22-Y3JXK - 13CO2 - N5ZPA

P7KJR - H3O8I - M3IN2 - K5E1K


වැඩේ නවත්තන්න ඕනි නම් මෙතනින් exit කරන්න...

Thank you..........

JUST DO AND SEE

1/22/2014
Posted by Shiranga Ashan




ඔයාල දන්නවා මිට කලින් අපි Internet එකත් එක්ක සම්බන්ද පොඩි පොඩි magic වැඩ ටිකක් ඔයාලට ගේනවා... මේකත් ඒ වගේම වැඩක් තමා... මේකෙන් මොකද්ද වෙන්නේ කියල මම කියනවට වඩා ඔයාල කරලම බලන එක හොදයි කියල මට හිතුනා... අපි එහෙනම් වැඩේට බහිමු...

මුලින්ම ඔයාල කැමති website එකකට යන්න.. images ගොඩක් තියෙන එකක් නම් ගොඩක් හොඳයි..
දැන් ඒ website එක උඩ right click කරලා Inspect eliment වලට යන්න....
එතනින් console click කරලා මේ code එක එතනට copy කරලා enter කරන්න....

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0); 


වැඩේ හරි නේද... Google එකේ image search කරාම
එන result එකට මේ වැඩේ ක්‍රම ගොඩක් හොදට මේක බලාගන්න පුළුවන්......

*************** මෙය හුදෙක් විනෝදාස්වාදය සදහා බව සලකන්න ******************



ඔන්න අදනම් ආවෙ ටිකක් වෙනස් විදිහක දෙයක් කියන්න .

අද වෙනකොට ලෝකයේ හැමතැනම වගේ android භාවිතයට හුරු වෙලා තියනවා . ඒ නිසා ලබුකැටේ අපිත් ඔබ වෙනුවෙන්ම ලබුකැටේ android app එකක් හැදුවා .

ඔයාලගෙ android os එකෙනුත් මෙන්න මේ පල්ලහා link එකට ගිහිල්ල install කරගෙනම බලන්නකෝ .

https://play.google.com/store/apps/details?id=com.appgenz.app000587&hl=en

පරිගණක දැනුම සිංහලෙන් දැන් ඔබගේ android ජංගම දුරකථනයෙනුත් .
ඔන්න ඉතින් කාලෙකින් වැඩ ගොඩක් අස්සේ ලබු කැටේ ඔයාලට පොස්ට් එකක් දාල යන්න කියල අවා. මේ දවස්වල exam නිසා පොස්ට් එකක්වත් දැම්මෙ නෑ . තව සතයකින් විතර අලුත් පොස්ට් ගොඩක් ඔයාලට කියා දෙන්න අපි කටයුතු කරමින් පවතිනවා .

එහෙනම් වැඩේ පටන්ගමු . අද මම ඔයාලට කියා දෙන්න යන්නේ facebook එකේ ගොඩක් කල් ඉදන් තිබුන ඒත් ගොඩක් අය නොදන්නා දෙයක් ගැන .

ඔයාල දන්නවද facebook එකේ ඔයාලට ඔයාගෙයි ඔයාගේ යාලුවගෙයි හරි ඔයාගෙයි ඔයාගේ පෙම්වතියගෙයි හරි joint account එකක් තියනවා කියල??
අන්න ඒක ගැන තමයි අද මම කියන්න හදන්නේ .
 දැන් facebook එකේ search bar එකේ ගහන්න ඔයාගෙයි ඔයාගේ යාලුවගෙයි නම් දෙක මේ විදිහට 

"nuwan darshika and shiranga ashan" වගේ ..


දැන් "friendship of nuwan darshika and shiranga ashan" වගේ ඔයාලගේ එන එක උඩ click කරන්න . දැන් ඔයාලට ඔය දෙන්නගේ profile එක බලාගන්න පුළුවනි .


පොස්ට් එක හොදයි වගේ නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා .



ඔන්න එහෙනම් අදත් උදේ පාන්දර ( 11 ට විතර ) ආව මොනවහරි කියල දෙන්න කියලා ලබු කැටෙන් .

අද මොකද්ද කියල දෙන්නේ කියල කල්පනා කරද්දී මතක් උනා පොඩි හොර වැඩක් ගැන. මේවා කලාට අපායේ යන්නේ නැහැ . ලොල්!

මම හිතනවා මේ පොස්ට් එක කියවන අයගෙන් 70% කට විතර fake accounts ඇති කියල facebook එකේ.
ඉතින් ඔයාලට වගේම මටත් තියන ප්‍රශ්නයක් තමයි ඔය දෙකටම කොහොමද එක පාර log වෙන්නේ කියල . browsers 2ක් තියනවනම් ඔයාට අවුලක් නැහැ .

අද මම කියන්න හදන්නේ කොහොමද එක browser එකකින් එක facebook account එකකින්  ලොග් අවුට් වෙන්නේ නැතුව තවත් facebook account එකකට log වෙන්නේ කියල.

එහෙනම් වැඩේ පටන්ගමු .

ඉස්සෙල්ලාම පුරුදු විදිහට ඔයා crome එක open කරලා එක tab එකක් විතරක් open කරගෙන පුරුදු විදිහර ඔයාගේ එක facebook account එකකට log වෙන්න . දැන් හරි.

දැන් ඔය කරන්න හදන්නේ ඔය tab එක crome එකෙන් හංගන එක .

දැන් ctrl + shift + n ඔබන්න .



දැන් මෙන්න මේ වගේ පේනවා නේද උඩ tab එක ගාව හොරෙක් වගේ . අන්න ඒක තමයි ඔයාගේ හංගපු tab එක .

දැන් ඉතින් කිසිම කරදරයක් නැතුව ඔතන අයෙමත් පුරුදු විදිහටම ඔයාගේ අනිත් facebook account එකට log වෙන්න . කිසිම අවුලක් නැහැ . ඒක close කරාම අයෙමත් පුරුදු විදිහටම ඔයා හංගපු tab එක open වෙනවා .

ඔන්න ඔහොමයි ලොග් අවුට් වෙන්නේ නැතුව තව facebook එකකට එකම browser එකෙන් log වෙන්නේ .

අපි දන්න දේවල් ඔයාලට කියල දෙන්න අපි එනවා ආයෙමත් ලබු කැටෙන් . එහෙනම් සුබ දවසක් හැමෝටම !!!

පොස්ට් එක හොදයි වගේ නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා 





YOUR NAME ON YOUR COMPUTER TASK BAR

Posted by nuwan darshika
Tag :
ඔන්න එහෙනම් ආයෙමත් ආව පොඩියට මොනවහරි කියල දෙන්න කියල.

මේ දවස්වල ඉතින් හැම තැනම exam නිසා ගොඩක් ලොකු ජාති කියන්න යන්නේ නැහැ . ලොකු ලොකු වැඩ කරන්න ගිහින් machine එකට මොනව හරි උනොත් එහෙම exam කරලත් ඉවරයි . ලොල්!

මේක පොඩ්ඩක් විතර fun වැඩක් . ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ කොහොමද ඔයාලගේ නම ඔයාලගේ computer එකේ task bar එකේ ගහගන්නේ කියල . ලේ පිරිසිදු වෙන්නත් එක්ක කරලා බලන්නකෝ ... ලොල් !

එහෙනම් වැඩේ පටන්ගමු .

මුලින්ම control panel එකට යන්නකෝ .

දැන් ඔකේ තියන language කියන එකට යන්න .

දැන් මෙන්න මේ window එකේ change date, time or number format කියන එකට යන්න.



ඊළගට එන window එකේ additional settings කියන එකට යන්න .



ඊළගට ආපු window එකේ time කියන tab එකට යන්න .

දැන් ඉතින් වැඩේ තියෙන්නේ ඔයාලගේ අතේ . :D ඔන්න ඕකේ තියෙන  AM , PM කියන දෙක වෙනුවට ඔයාලට කැමති නම් දෙකක් දාන්න. ( ඒක තමයි task bar එකේ වැටෙන නම ).

ඔයාල නම් දෙකක් දැම්මොත් උදේට AM කියන එකට දාපු නමයි හවසට PM කියන එකට දාපු නමයි task bar එකේ වැටෙයි .

එකම නම දැම්මොත් හැමවෙලේම එකම නම . :(

දැන් ඉතින් apply කරලා ok කරන්න .  දැන් පේනවා නේද ඔයා දාපු නම ....

ලොකු දෙයක් නෙමෙයි. ඒත් ඉතින් කම්මලිකමටත් එක්ක කරලා බලන්න හොදයිනේ..

පොස්ට් එක හොදයි වගේ නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා .










Google search එක කඩල බිමදාමුද...? එහෙනම් "Google Gravity" කියල google එකේ search කරන්න... ඊට පස්සේ මේ විදිහට කරන්න...
* y අකුර backspace කරන්න



* දැන් I'm feeling lucky එක උද click කරන්න.....


දැන් ඉතින් වෙන දේ බලන් ඉන්නයි තියෙන්නේ.....
කඩාගෙන වැටුණු googl search එකේ කැමති key word එකක් ගහල enter කරලත් බලන්න... :-)

*********මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා බව සලකන්න**********

Make an invisible Folder

12/14/2013
Posted by Shiranga Ashan
Tag : ,
අද මම කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක්.. මේක පොඩි දෙයක් උනාට මේකෙන් ඔයාගේ යාළුවො පුදුම කරන්න ඔයාට පුළුවන් වෙයි. ඔයාගේ Desktop එකේ නොපෙනෙන Folder එකක් හදාගන්න විදිහ තම මම මේකෙන් කියන්න යන්නේ..  


  1. මුලින්ම ඔයා New Folder එකක් හදාගන්න..
  2. දැන් Num Lock on කරලද කියල බලන්න(off නම් on කරන්න)       
  3. දැන් Folder එක මේ විදිහට  Rename කරන්න..   
            "Alt" button එක press කරගෙන 0160 type කරන්න, type කරනකොට අංක ටික පෙන්නේ          නැතිවෙයි, type කරලා ඉවර වෙනකම් Alt එක අතාරින්න එපා..   
     4. දැන් name එකක් නැති Folder එකක් හැදිලා ඇති..
     5. දැන් Folder එක Right Click කරලා properties වලට යන්න...


දෙන මෙතනින් ඔයාගේ Desktop එකට ගැලපෙන icon එකක් තෝරාගන්න.... 

Thank You...

See You... in 20 Years

12/11/2013
Posted by Shiranga Ashan
Tag :

තව අවරුදු 20 කින් ඔයාගේ පෙනුම බලාගන්න කැමතිද? site  එකට ගිහින් photo එකක් upload කරලා බලන්නකෝ....
******* මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් බව සලකන්න********

Google Magic Keywords

12/09/2013
Posted by Shiranga Ashan




ඔන්න අද පොඩි මැජික් එකක් ඔයාලට ගේනවා.. පහල තියෙන key words ටික Google එකේ search පාරක් දාල බලන්නකෝ...
  • Do a barrel roll හෝ Z or R twice
  • Askew හෝ tilt
  • Zerg rush
  • Conway's Game Of Life 


         

ලබු කැටයට සාදරයෙන් පිළිගන්නෙමු

Paid Advertisement

ඔබේ ලිපි අපට එවන්න

labukateblog@gmail.com

දැනුම බෙදා හදා ගැනීමෙහිලා අප යෙදෙන්නාවූ මෙම කර්තව්‍යයට අප ඔබගේද සහය ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. ඒ වෙනත් හේතුවක් නිසා නොව අප නොදන්නා බොහෝ දේ ඔබ දන්නා හෙයින් සහ එම දැනුම ලබා ගැනීමට බොහෝ පිරිසක් මග බලා සිටින බැවිනි. ඔබ දන්නා, දැනුම සොයන්නන් දැනගත යුතු යමක් ඇත්නම් ලියන්න අපිට. අප ඉතා සතුටින් එය භාර ගන්නෙමු. ඔබ එවන ලද ලිපි ඔබේ නමින්ම මෙහි පලකරන බවද සලකන්න.

labukateblog@gmail.com

ඔබේ අදහස් අපට ලියන්න

Name

Email *

Message *

Total Pageviews


Blogging Tips and Tricks And Tutorials

- Copyright © Labu Kate - ලබුකැටය -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -