Posted by : Shiranga Ashan
11/04/2013
පරිගණක භාෂා හැදින්වීම
භාෂාවක් කියන්නේ එදිනෙදා ජීවත්වීමේදී අපි එකිනෙකා අතර
අදහස් හුවමාරු කරගැනීමට භාවිත කරන දෙයක් . අද ලෝකේ භාෂා දහස් ගණනක් තියෙනවා . ඒ ඒ රටවල්
වල ඒ ඒ ජන කොටස් විවිධ භාෂා භාවිත කරනවා. අන්න ඒ
වගේ පරිගණකය හා මිනිසා අතර අදහස් හුවමාරු කරන්න තමා ලෝකේ පරිගණක භාෂා කියන
දේ බිහි වුනේ .අද වෙනකොට ලෝකේ එක එක විදිහේ පරිගණක භාෂා ගොඩක් තියෙනවා . ලබුකැටේ
අපි අද ඉදල මේ පරිගණක භාෂා ගැන ඔබේ දැනුමට යමක් එකතු කරන්නයි හදන්නේ . මේ post එකෙන් මම පොදුවේ languages ගැන මුලික හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ
post
වලින් වෙන වෙනම languages ගැන ඔයාලට කියන්නම්.
අපි පරිගණක භාෂා කොටස් දෙකකට බෙදනවා
01. High Level
Programming languages
02. Low Level
Programming languages
High Level Languages
` යම්කිසි
පරිගණක භාෂාවක පාවිච්චි වෙන වචන key words මිනිසාට සමීප ඒවා නම් ඒවා එදිනෙදා පාවිච්චි කරන ආකාරයේ ව්‍යවහාරික භාෂා
සමග ලොකු ගැටුමක් නැත්තම් එය High Level Programming language එකක් ලෙස සැලකේ .
උදාහරණ - Python
Java
C++
Visual Basic 6.0
Low Level Languages
Low Level Languages වලට අයත් වන්නේ
01.
Machine code
02.
Assembler
Machine code එකක් යනු 0 හා 1 න්
සමන්විත code එකකි .අපි යම්කිසි පරිගණක භාෂාවකින් Program
එකක් ලියල එක ක්‍රියාවට නැංවීමේදී මුලින්ම එය Machine
code එකකට හැරවී ඉන් පසු ක්‍රියාවට නැංවේ .
Assembler language එක ඊට වඩා වෙනස් . Assembler
language එක හදල තියෙන්නේ Computer එකේ
නැත්තම් Operating System එකේ මුලිකම දේවල් එක්ක වැඩ
කරන්නයි . මේකෙන් ලිවීම අමාරු වුනත් ක්‍රියාවට නැංවීමේදී ගොඩක් වේගවත් .
මම හිතනවා මේ post එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල. ඊලග post එකෙන් මම කියන්නම් High level language
එකකින් ලියන program එකක් ක්‍රියාවට නැංවීමේදී මුලින්ම එක
Machine code එකකට හැරවෙන්නේ කොහොමද කියල.
Related Posts :
- Back to Home »
- INTRODUCTION , PROGRAMMING »
- Introduction to Programming