Posted by : Kapila Nishantha
2/13/2015
VLC media player එකද use කරන්නේ?
එහෙනම් මොකදට හතර වටේම දුව දුව audio , Video Converters හොයන්නේ? දන්නෙම නැතිව ලගම තිබිලානේ . ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති VLC media player එක use කරලා audio , video convert කරගන්න පුළුවන් කියල. බොහොම සරලයි.- VLC palyer එක open කරගන්නකො.උඩින්ම ඇති media කියල එකක් .එක click කරන්න.එතන පහලින් ඇති Convert/Save.. කියල එකක් .එකත් Click කරන්න.
- දැන් ආපු window එකේ add button එක click කරලා convert කරගන්න අවශ්‍ය file එක add කරගන්න.
- දැන් පහලින් ඇති Convert/Save button එක click කරන්න.
- අලුතින් ආව window එකේ profile කියන තැන තිබෙන drop down list එකෙන් අවශ්‍ය format එක තෝරන්න. වැඩිදුර settings වෙනස් කරගන්න edit selected profile button එක click කරලා හදාගන්න පුළුවන්.
- පහලින් තියෙන Brows button එක මගින් අපේ අන්තිම result එක යන තැන හදාගන්න පුළුවන්.
- හරියට ඔක්කොම හදාගෙන start button එක click කරන්න.
අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න.තවත් අලුත් වෙනස් දේවල් ඉස්සරහටත් දැනගන්න පුළුවන්.අමතක කරන්න එපා අපිට like එකක් දල යන්න. එත් එක්කම මේක කරගන්න අමාරු උන කෙනෙක් හෝ මේ පිලිබදව ප්‍රශ්න තියෙන ඒවා පහලින් comment කරන්න.අපි උදව් කරන්නම්.ස්තුති.